Category Politics

හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කරන කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට

1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන…

ජනපතිගේ ජර්මානු සංචාරයේ ප්‍රතිඵල මෙන්න

ජනපති අනුර කුමාර දිසානායක පසුගියදා සිදු කළ ජර්මානු සංචාරයෙන් අනතුරුව එරට ප්‍රධාන අංශ පහක ආයෝජකයින් මෙරටට පැමිණීමට අවධානය යොමු කොට ඇතැයි ජර්මානු කාර්මික හා වාණිජ ආයතනය (AHK Sri Lanka) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත මාටින් ක්ලෝස් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව…

ආග­මික සහ ශාස­නික අභි­වෘ­ද්ධිය සැල­සූවා – විපක්ෂ නායක

ශ්‍රී ලංකා­දී­පය පුරා පොදු ජන­තාව සුම­ඟට යොමු කර­මින් ජාතික ආග­මික සහ ශාස­නික අභි­වෘ­ද්ධිය උදෙසා පුරෝ­ගාමී නාය­ක­ත්ව­යක් සල­සන මහා­වි­හාර වංශික ශ්‍යාමෝ­පාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක ධුරය දර­මින් දශ­ක­ය­කට ආසන්න කාල­යක් සිදු කර­න්නට යෙදුණා වූ සේවාව අන­බි­බ­ව­නීය යැයි උන්ව­හ­න්සේගේ…

පාර්ලිමේන්තුව අද රැස්වේ

පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත…

“ශානිගේ සහ රවීගේ පත්කිරීම් සඳහා කාදිනල් හිමියන් කිසිම ඉල්ලීමක් සිදුකර නෑ” – කොළඹ අගරදගුරු පදවිය

ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කරන ලෙස අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කිසි විටෙකත් ඉල්ලා නොසිටි බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පවසනවා. එමෙන්ම රවී සෙනෙවිරත්නව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කරන ලෙසද…

හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා. ඒ කොළඹ මහාධිකරණ…

අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් සිසු පරපුර විනාශ වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදු කරන ප්‍රතිසංස්කරණ යෝජනා නිසා මෙරට දරුවන්ගේ අනාගතය විනාශ වන බවත්, ඒවා අදූරදර්ශී සහ ජනතාවගේ අපේක්ෂාවන්ට ව්‍යතිරේක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ “ගමින් ගමට, නගරයෙන් නගරයට – දොරෙන් දොරට”…

පාර්ලි‍මේන්තුව හෙට සිට 25 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (22) සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, හෙට දිනයේ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016…

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අදාළව අධිචෝදනා

සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි තවත් නඩුවකට අදාළව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා. ඉන් අනතුරුව,…

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළැඹෙන අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහුව අද (20) මතුගම මහේස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා…