Category Politics

ජනපති හා IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිිිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අතර හමුවක් අද (16) සිදුවුණා. ඒ අනුව අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නව ආයෝජන…

කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා. ඒ අනුව එහි නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් තේරී පත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

UPDATE : කොළඹ නගරාධිපති ඡන්ද විමසීම අවසන් වෙයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඒ අනුව නිලධාරීන් විසින් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරනවා. ඉන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් දෙකකට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ නිර්දේශ මත, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව…

කොළඹ නගරාධිපති ධුරය සඳහා සර්වජන බලයේ සහාය විපක්ෂයට ලබාදීමට තීරණය කෙරේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලය තීරණය කර තිබෙනවා. ඒ අනුව පක්ෂ විධායක කමිටුව විසින් එම තීරණය ගත් බවයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර සිය X ගිණුමේ…

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම් පොලීසියට යොමු කෙරේ

ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400කගේ නම්, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් පසුව පොලීසිය විසින් නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.…

කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම අද

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම අද (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ…

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති Remi Lambert මහතා පසුගියදා (12) කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. මෙම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ තානාපති Remi Lambert මහතා පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය…

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන ජූලි මස 2 දා උදෑසන 10.00 ට වෙන්දේසි…

ජනපති දිවයිනට පැමිණෙයි

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ. ජර්මානු ජනාධිපතිවරයාගේ ආරධනයක් අනුව…