Category Politics

ලංකා කම්කරු කොංග්‍රසය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක්

ලංකා කම්කරු කොංග්‍රසය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නුවරඑලියේ අද (03) පැවති මෙම සාකච්ඡාවේදී කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් සහ ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ඉදිකරන නිවාස සඳහා ඉඩම් හිමිකම් ලබා ගැනීම පිළිබදව සාකච්ඡාවට බදුන් වූ…

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවතට

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙර දිසානායකගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, විවිධ පාර්ශ්වයන්ගෙන් ලද පැමිණිලි මත කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව ඔහු…

දේශබන්දු ඉවත් කිරීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, අදාළ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේදී විවාද කර එදින පස්වරුවේ ඡන්දය විමසීමටයි නියමිතව ඇත්තේ. මේ සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ…

වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද කරන නිලධාරීන්ට දඩ: නොදුන්නොත් නීතිමය පියවර

ලබන අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ජුනි 30 වනදායින් පසුව, එනම් අගෝස්තු 31 වනදාට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ…

අගමැතිනිය යාපනයේ සංචාරයක

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුර⁣ගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය…

හිටපු ඇමති බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව අහන්න නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළා. ඒ අනුව, මෙම නඩුව ඔක්තෝම්බර් මස 30 වනදා කැඳවනු ඇති. අල්ලස් කොමිසම කළ…

මහින්ද – මෛත්‍රී චන්ද්‍රිකාගේ උළෙලට නාවේ ඇයි?

පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ 80 වැනි ජන්ම දින උළෙලට හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පැමිණ නොසිටීම ගැන එහි සිටි බොහෝදෙනා කුතුහලයෙන් පසුවුණා. එමෙන්ම රාජපක්ෂ පවුලට ගෑවුණු කිසිවකුත් එහි දක්නට නොලැබීමත්…

නාමල් රාජපක්ෂ මාලේ ගියේ රජ මඟුලකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පසුගියදා මාලදිවයින බලා පිටත්ව ගිය හේතුව අනාවරණය වී තිබෙනවා. තමන්ව අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව තිබියදීත් මන්ත්‍රිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙන්නේ මංගල උත්සවයකට සහභාගීවීම සඳහායි. ඒ…

පළාත් පාලන ආයතන 336 ක බලය පිහිටුවා අවසන් – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

පළාත් පාලන ආයතන 336 බලය මේ වනවිට පිහිටුවා අවසන් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, සීතාවක හා ආණමඩුව ප්‍රදේශීය සභාවල ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් සභා පිහිටුවීම කල් දමා ඇති…

‘බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම අපේ අපේක්ෂාවයි‘ – අග්‍රාමාත්‍ය හරිනි

දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක…