Politics

රන් පැහැ T56 සිද්ධියට දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයි

රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද අධිකරණයට රැගෙන විත් තිබෙයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (05) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වැනිදා යළි…

නාමල්ගේ නඩුව මහාධිකරණයට යොමුකළ නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය දැනුම්දෙයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට පවරා ඇති නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර අද (04) නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දිමේදී සිදුවී ඇති බව…

පසුගිය ජනපතිවරණ සමයේදී බාර් ලයිසන් නිකුත් කිරීම ගැන ගොනු කළ පෙත්සම් විභාගයට අවසර

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී, පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනපති

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා. චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල්…

දයාසිරි CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා බහලුම් 323 මුදාහැරීම ගැන ඔහු විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයන් වශයෙන් තම හිතවතුන් කිහිපදෙනකුට පත්වීම් ලබාදී ඔවුන් වෙත අමාත්‍යාංශයෙන් ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා තම පෞද්ගලික වියදම් සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ…

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැණිව යමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා ගොනු කළ…