Category Politics

2016 – 2020 කාලයතුළ අතහැර දැමූ ව්‍යාපෘති සමාලෝචනය කර ඒ ව්‍යාපෘති අවසන් කරනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2016 සිට 2020 දක්වා කාලය තුළ ළගම පාසල හොදම පාසල වැඩසටහනෙන් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති සමා ලෝචනය කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලීමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරය අද(07) මේ බව සඳහන කළාය. මෙහිදී වැඩිදුරටත්…

රාජ්‍ය ආයතන සතුව ඇති ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත රථ වෙන්දේසියට චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 01 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. චක්‍රලේඛයක්…

නව රාජ්‍ය තාන්ත්‍රිකයන් 05 දෙනෙක් පත් කරයි

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. පසුගිය කාලයේ රාජතාන්ත්‍රික සේවාවන්හි නිරත නිලධාරීන් ශ්‍රී ලංකාවේ නාමය අපකීර්තියට පත් කළ අවස්ථා තිබූ බවත් නව පත්වීම් ලබා ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් එවැන්නක්…

නව පත් කිරීම් කිහිපයක් ගැන කථානායක පාර්ලිමේන්තුව නිවේදනය කරයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගේ නම්  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මේ අනුව පාර්ලිමේන්තු…

බාල බෙහෙත් වලින් ඇස් අන්ධ වූ පිරිසට වන්දි

ගිය ආණ්ඩුව  සමයේදී සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන් වෙනුවෙන් වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද පාර්ලිමේන්තුවේ දී…

පොදු විභාග ක්‍රමයකින් විභාගවලට මුහුණදෙන දරුවන්ට අද අවශ්‍ය පොදු අධ්‍යාපන ක්‍රමයක්-අගමැතිනී හරිනි අමරසූරිය

පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

නව වසරේ ප්‍රථම පාර්ලිමේන්තුව අද (07) රැස්වෙන අතර මේ 10 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ. මේ අතර නව වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අය-වැය විවාදය) පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…

පොහොට්ටුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන යළි රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ඉඩමකට වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් මිලියන 9ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ඒ සඳහා අනුබල දුන් බව…

ජනපති අරමුදලට බොරු තොරතුරු දී මන්ත්‍රීවරු වැඩිපුරත් සල්ලි අරන්-CID ය උසාවිය හමුවේ කියයි

නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනාධිපති අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක මහත්මිය…

අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක්-ඇමැති කේ. ඩී. ලාල්කාන්ත

රාජ්‍ය සේවය තුළ ලක්ෂ 15ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව පැවැසුවත් අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල බරපතළ සේවක හිඟයක් පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ…