Category Politics

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය. නීති විරෝධී වෛද්‍යවරුන් වැටලීම සිදු කළ යුතු බවට සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු…

වී කිලෝවකට රුපියල් එකසිය තිහක් ලබා දෙන්න කියලා අභියෝග කරනවා-මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි වී කිලෝවකට රුපියල් එකසිය තිහක මිලක් ලබා දෙන ලෙස අභියෝග කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 ) ප්‍රකාශ කළේය. 2024 වසර මැද මූල්‍ය තත්ත්ව…

පසුගිය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක ඡන්දේ ගන්න සහල් බෙදපු නිසා හිඟයක් අැතිවෙලා-ඇමැති වසන්ත සමරසිංහ

ඩී.වී. චානක මන්ත්‍රීවරයා මහා වංචාවක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ ගැන පැහැදිලි කළ යුතුයි. නැත්නම් ජනතාව නොමඟ යැවීම මෙමඟින් සිදු කරනවා. රතු සහල් ප්‍රශ්නයට මූලික හේතුව වන්නේ කලින් සිටි ජනාධිපතිවරයා රතු හාල් කිලෝ 20 ගණනේ මැතිවරණ කාලයේ බෙදා හැරියා. රතු…

පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකිවන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත් ගැසට් කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර…

හිටපු රාජ්‍ය ඇමති ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය. ඔහු මහනුවර ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග පැවසීය. ජයවර්ධන මහතා සමගි ජන බලවේගයේ උඩුනුවර ආසන සංවිධායක ලෙසද කටයුතු කර…

මෝදි, මේ වසරේ ශ්‍රී ලංකාවට – ඉන්දීය තානාපති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඊයේ (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ පැවති හමුවකදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මෙරට ජනපති…

ජනපතිගේ තෙදින චීන නිල සංචාරය ජනවාරි 14දා ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ ‍ (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්…

පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගුයි-පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කරමින් අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝගය පරිදි…

බාල ඖෂධ ජාවාරමුන්ට නීති පියවර-කැබිනට්ටුව තීරණය කරයි

අක්ෂි ආබාධවලට ලක්වූ 17කට වන්දි බාල ඖෂධ ගෙන්වන ලද සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඊයේ (07) අවධාරණය කළේය. නුවරඑළිය මහ…