Category Politics

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කථානායක අසෝක සපුමල් රන්වල මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය. මේ හමුවේදී අභිනව කථානායකවරයාට සුබ පැතුම් එක්කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන සබඳතාව පිළිබඳව සිහිපත්…

ත්‍රිකුණාමල-මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිවේදී අරුන් හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත් කරගනු ලැබ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්…

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරියේදී සම්මත කරනවා-ඇමැති වසන්ත සමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයකදී සම්මත කරන බව වෙළෙඳ සහ වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ…

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව කියා සිටියා

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම දිවුරුම් දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අද අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙන විනිසුරු මුර්දු ප්‍රනාන්දු

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ යි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා නම් කරනු ලැබුවා. 1985…

පාස්කු දා ප්‍රහාරය බලය ගන්න කළ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි තියෙනවා-ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය එක්තරා පුද්ගලයකුගේ හෝ එක්තරා පවුල් පාර්ශ්වයකට රාජ්‍ය බලය සාක්ෂාත් කරගැනීමට සිදු කරවූ ක්‍රියාවක් බවට ඕනෑතරම් සාක්ෂි පවතිනවා යැයි ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ සමාජ ක්‍රියාකාරී ශෙහාන් මාලක මහතා…

එජාපයත් සජබයත් එකතුවුවොත් ඉදිරි මැතිවරණ ජය වළක්වන්න බැහැ-එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

දැනට වෙන්වෙන් වශයෙන් මැතිවරණවලට තරග කරන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බවත්, එසේ වුවහොත් ඉදිරි මැතිවරණවලදී අපගේ ජයග්‍රහණය වළක්වන්නට කිසිම බලවේගයකට හැකි නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ඒ මහතා…

වත්මන් රජයත් IMF සමඟ ඉදිරියට යෑම ප්‍රශංසනීයයි-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

වත්මන් රජය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යෑම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසාව පළ කරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අමාරි…

මොරටුවේ වෛද්‍ය සිසුන්ගේ මහාචාර්ය පුහුණුවට විසඳුමක් දෙයි

 මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සදහා මහාචාර්ය පුහුණුව ලබා දීමට නිසි පහසුකම් හා අවශ්‍ය සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව පැවති ගැටලුවට කඩිනම් විසදුම් ලබාදීමත්, මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල කාර්යක්ෂම රෝහලක් ලෙස සංවර්ධනය කිරීම පිළිබදවත් සෞඛ්‍ය හා…