Category Politics

පොලිස් විමර්ශනවලට කිසිදු ලෙසකින් මැදිහත් වන්නේ නැහැ – ජනපති කියයි

පොලීසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු සිදු කිරීමේ සම්පූර්ණ බලය පොලිසියට පවරා ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ පසුගිය…

“තව සති දෙකක් මට දෙන්න” – ජනපති කියයි

වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි ආයතනයට අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක් වෙමින් ඊයේ(25) ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන්…

මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙයි ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්‍ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එම පෙත්සමේ වග උත්තරකරුවන්…

ඇමැති වරප්‍රසාද සහ කාර්ය මණ්ඩලය අඩු කරයි-ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

එක් එක් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ. නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්…

රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර අහෝසි කර නෑ-කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

රාජ්‍ය සේවයේ උසස් නිලධාරින්ට ලබා දෙන වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ට මේ වන විට වාහන…

අර්චුනා කලකිරෙයි: ආණ්ඩුවට සහාය නොදෙන බව කියයි

සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මින් ඉදිරියට රජයට ලබා දෙන සියලු සහායන් ඉවත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට දින 64ක් කතා කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන්…

කබ්රාල්ට එරෙහි අල්ලස් නඩුව පෙබ: 21ට කල් යයි

ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 184ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩුව පවත්වාගෙන යෑමට ඉඩ දෙනවාද? නැද්ද? යන්න පෙබරවාරි 21දා ප්‍රකාශ කරන බව…

වෛද්‍යවරයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තා කැඳවයි

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රෝගී තත්ත්වයක් පිළිබඳ විස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට වෛද්‍ය සහතිකයක් දෙන ලද වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරයාට ඊයේ (22) නියෝග කළේය. වෙළෙඳ…

සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී නාමල් කුමාර 27දා තෙක් රිමාන්ඩ්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook) මුහුණුපොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන Òනාමල් කුමාරÓ යන අය ලබන…

රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය දෙනවා

රෝහින්ග්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනෑම මානුෂීය තීන්දුවකට සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැති විවාදයට සහභාගි වෙමිනි.…