Category Politics

ජනපති රාජ්‍ය චීන සංචාරයේ සාර්ථක තෙවැනි දිනය අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙවැනි දිනය ආරම්භ කරමින්  අද (16) පෙරවරුවේ  රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතය. රාජ්‍ය හා පෞද්ගලික සමාගම්…

ඖෂධ මාෆියාවෙන් වැටුප් ලබන මාධ්‍යකරුවනුත් ඉන්නවා-CIDයට පැමිණිල්ලක්: ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති හංසක විජේමුණි

ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ගෙන් මාසිකව වැටුප් ලබන මාධ්‍යකරුවන් සිටින බවත් ඒ සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. මෙම මාධ්‍යවේදීන්…

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට උපකරණ ගන්න අඩු පොලී ණයක් දිය හැකිදැයි බලන්න-ඇමැති නලින්දගෙන් නිලධාරීන්ට උපදෙස්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වෘත්තීයමය උපකරණ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර අඩු පොලියක් යටතේ ණය මුදලක් ලබා දීමේ හැකියාව සොයා බලන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ…

සංවර්ධනයේ නව යුගයකට චීනයේ සහාය – ජනපති ෂී ජින්පිං කියයිආර්ථික-සමාජයීය-කර්මාන්ත ගිවිසුම් රැසකට අත්සන් / ද්වීපාර්ශ්වීය සාකච්ඡා ඇරඹේ

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතා අවධාරණය කළේය. චීනයේ සිවු දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතා…

මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ජනපති අනුරගේ ආචාරය

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක්…

ඇමැති වසන්ත සමරසිංහ කරුණු පැහැදිලි කරයි

රතු කැකුළු නොකන ජනතාවටත් රතු කැකුළු කිලෝ 20 බැගින් පසුගිය ආණ්ඩුව ජනාධිපතිවරණයට පෙර බෙදාදීමට ගත් අමනෝඥ තීරණය හේතුවෙන් රතු කැකුළු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණීජ , ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය. රතුසහල් හිඟය…

ශ්‍රී ලංකාව තවත් චීන සංචාරකයින් ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවක්

චීන සංචාරකයින් සඳහා වීසා සහ සෘජු ගුවන් ගමන් සම්බන්ධයෙන් වඩාත් ලිහිල් කොන්දේසි නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් එමඟින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා වඩාත් කැමති තේරීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධාන සහාය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත් මෙම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, රාජ්‍ය නොවන සංවිධාන සඳහන් කරයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පූර්ණ සහාය ලබාදීමට ද කැමැත්ත පළ කර තිබේ.…

තෛපොංගල් සැමරුමට විපක්ෂ නායක එක්වෙයි

දෙමළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ (14) කොළඹ බම්බලපිටිය කදිරේෂන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී සිදු කෙරිණි.

චීන ජනපති හමුව අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා හමුවීමට නියමිතය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය. මේ…