Category Local News

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු පිරිසට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔවුන්ගේ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු…

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට දුරකථන අඩංගු පාර්සලයක් විසිකර තිබියදී සොයාගැනේ

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ D කොටසේ බන්ධනාගාර නිලධාරීන් රාජකාරියේ යෙදවීමට සකස් කර ඇති මුරකුටිය ආසන්නයට පාර්සලයක් විසිකර තිබියදී සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැක සහිත පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පසුව රත්ගම පොලිස් ස්ථානයේ…

තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස GalleFace වෙළෙඳුන් රජයෙන් ඉල්ලයි

කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් වෙත සාධාරණයක් ඉටු කරන ලෙස එම වෙළෙඳුන් රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව, කොළඹ ගාලු මුවදොර අවට වෙළඳාම් කරන පිරිස් සහ වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) දිනයේ…

වෛද්‍ය මහේෂි විජේරත්න ජුලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, ඇය ජූලි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.…

වැල්ලවාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී තිදෙනෙකුට තුවාළ

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ, තුනේ කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් දෙදෙනා සහ රියදුරු ද තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි…

ගෝල්ෆේස් වෙරළ තීරයේ අනවසර කඩ සහ පදික වෙළඳුන් අද සිට ඉවත් කෙරේ

ගෝල්ෆේස් හි පාරේ වෙළඳාම් කටයුතුවල නිරතවන වෙළෙඳුන් ඉවත් කිරීමට අද උදෑසන සිට ක්‍රියාත්මක කරනු ලැබුවා.  ඒ අනුව මේ වන විට එහි අනවසර වෙළදුන් සහ පදික වෙළඳුන් කිසිවෙකු දක්නට නොලැබෙන බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.  කෙසේ වෙතත් අදාළ වෙළඳුන්ගෙන් හය දෙනෙක්…

2027 වර්ෂයේ සිට නව දේපළ බද්දක්

2027 වර්ෂයේ පළමු කාර්තුවේ සිට දේපළ බද්දක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ පිළිබඳව දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.…

මාලිමාවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර නම් කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද…

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ – නාමල්

වත්මන් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා මර්දනයෙන් වැඩ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව දූෂණ, වංචා නවත්වන මුවාවෙන්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කර, නිලධාරීන් හිරගෙවල්වල දමා, මෙරට රාජ්‍ය පාලන ක්‍රමය කඩාකප්පල් කිරීමට…