Category Local News

ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක්කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර සමත්ව තිබේ. දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ…

ඉරි කපන රියදුරන්ට දඩ කොළය ඩිජිටල් වෙයි

එළැඹෙන අප්‍රේල් 10 වැනිදා සිට මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. ඔහු පවසන්නේ දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල හරහා වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ…

SL vs BAN 1st Test : තරගයේ තුන්වන දිනය අදයි

රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. තරඟයේ දෙවැනි දිනය (23) නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන…

විදේශිකයන්ට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවස්ථාව

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ සඳහා අයදුම් කිරීමේදී…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

පාස්කු ප්‍රහාර ප්‍රකාශය කළ මෛත්‍රීට එරෙහිව CIDයට පැමිණිල්ලක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකළ යුතු බවයි එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන්…

SL vs BAN 1st Test : බංගලාදේශ පළමු ඉනිම ලකුණු 188 කට සීමාවෙයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 188 ක් ලබාගැනීමට සමත් වුනා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 92 ක් ඉදිරියෙන් පසුවනවා. බංගලාදේශය…

ඇමතිවරුන්ගේ පුද්ගලික ජල විදුලි බිල් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවන්නයි යන්නේ – විජිත හේරත්

අමාත්‍යවරුන්ගේ පුද්ගලික විදුලි බිල්පත් හා ජල බිල්පත් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ගෙවීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බව ජාතික ජන බල‍වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. පුද්ගලික වියදමින් විදුලි බිල ගෙවීමට අමාත්‍යවරයාට අසීරු බැවින් අමාත්‍යාංශයට වෙන්කර ඇති…

ජනාධිපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි – බැසිල්

පසුගිය 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක බැසිල් රාජපක්ෂ පවසනවා. මැතිවරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කරගත් නමුත් අවසන් තීරණයකට එළඹියේ නැති බවද, තම පුද්ගලික අදහස නම් පාර්ලිමේන්තු…

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ඇරඹේ

යල කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මේ වනවිට ප්‍රධාන ජලාශ 73 ක ජල ධාරිතාව 90%ක මට්ටමක පවතින බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ විමල් රත්නසිරි සඳහන් කළේ.