Category Local News

අඩු මිලට සීනි දෙන්න රට පුරා තොග වෙළෙඳ මධ්‍යස්ථාන

ලංකා සීනි සමාගම මඟින් බෙදා හැරීම් මෙහෙයවන තොග වෙළෙඳ මධ්‍යස්ථාන ජාලයක් රට පුරා දිස්ත්‍රික්ක 25 හි ඉදිරි මාසය තුළ දී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැසීය. පාරිභෝගික ජනතාවට සහනදායී මිලට…

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට

ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කරයි. MELWA සමූහ ව්‍යාපාරය සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 9ක යකඩ කැනේඩියානු වෙළෙඳපොළට යැවීමට ඇණවුමක් ලැබී ඇති අතර ඉන්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු – ජනපති

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට…

විජේරාමෙට වඩා මැදමුලන හොඳයි – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව, තමන්ට තිබූ වරප්‍රසාදය වන්නේ ජනතාව දුන් වරප්‍රසාදය බවත්, ඊට වඩා ලොකු දෙයක් තමන්ට නොමැති බවයි අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…

සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ මුදල් යොදාගෙන සිදු කළ පෞද්ගලික සංචාරයක් පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළව…

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ නවීකරණය හා සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. අදාළ නවීකරණ කටයුතු හා සංවර්ධනයන් සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන…

නව සීමා නිර්ණ කමිටුවක් පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල නිර්දේශ සමාලෝචනය කිරීමට සහ වැඩිදුර නිර්දේශ ලබා දීමට නව සීමා නිර්ණ කමිටුවක් පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් පිහිටුවීම සහ ප්‍රතිශෝධනය කිරීම සඳහා 2012…

කීර්ති බණ්ඩාරපුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කීර්ති බණ්ඩාරපුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ලොරි රථයකින් රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංගයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සවස රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම පක්ෂයේ…