Category Local News

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් කිරීමට නියෝග

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම…

ශ්‍රී දළදා ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද පැවැත්වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහැර අද (06) පැවැත්වෙනවා. ඒ අනුව, අද රාත්‍රී 7.06 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව එම පෙරහැර ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. පෙරහැර පිටත්ව, ශ්‍රී දළදා වීදියේ ගමන් කර, ඊ.එල් සේනානායක…

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය සමාව ගැනීමට සූදානම් බව අධිකරණයට දැනුම් දෙයි

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව,…

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

රුපියල් මිලියන 182,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙනවා. ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති. එමෙන්ම දින 364න්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අසාර්ථකයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැහැර හරින ලද ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන බැඳුම්කර හිමියන් සමග පැවති සාකච්ඡා අසාර්ථක ලෙස අවසන් වූ බව එම ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා. ජූලි 28 සිට අගෝස්තු 1 දක්වා කාලය…

වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්ථාන මාරුවීම් 10,000ක් ගැන චෝදනා

මේ වනවිට වෛද්‍ය ක්ෂේත්‍රයේ වාර්ෂික ස්ථාන මාරුවීම් දසදහසක් පමණ අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය හංසමාල් විජේසූරිය ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් අද කොළඹට

යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් අද කොළඹට යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණයට කිරීමට එරෙහිව තරුණ සංගම් කිහිපයක් අද කොළඹදී විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා. විවිධ තරුණ සංගම් නායකයින් තවදුරටත් චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට කටයුතු කර ඇති බවටයි.…

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට

පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර, පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදු වූ විදුලි බිද වැටීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ඊයේ ප්‍රසිද්ධ විභාගයක් පවත්වනු ලැබුවා.…

ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය සොයාගැනේ

වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදී ඊයේ (05) ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ කුඩා දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් විසින් එම දරුවා සෙවීමේ මෙහෙයුම් දියත් කෙරූ අතර, නාගස්තැන්න සයිබන් එක අසලදීයි දරුවාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ. මියගිය දරුවා…