Category Local News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම සැප්තැම්බර් 01 දක්වා කල් තබයි

තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම අද (අගෝස්තු 07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ…

ඇමරිකාව ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද සිට බලාත්මකයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20% ක තීරු බදු අද (07) සිට බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. පසුගිය අප්‍රේල් 2 වැනිදා, ඇමරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, අනතුරුව එම අනුපාතය ලිහිල් කරගැනීම සඳහා ඇමරිකානු…

නව පොලිස්පති තෝරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

මෙරට 37 වැනි පොලිස්පතිවරයා තෝරාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වනවා. පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊයේ හිමිවුණා. මේ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ව ද දැනුවත් කර…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ මහතා වෙත භාරදෙනු ලැබීය. මහජන…

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට දැනට අත්සන් 50 ඉක්මවයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ වන විට අත්සන් 50 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර…

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමිව තිබෙනවා.

මහ බැංකුවෙන් ආයතන තුනකට රුපියල් මිලියන 6.5ක දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් 2025 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ආයතන තුනකින් රුපියල් මිලියන 6.5ක දඩ මුදලක් අය කරගෙන තිබෙනවා. . මෙම දඩ මුදල් අය කර ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුව (National Savings Bank),…

අගරදගුරු නිවසින්, විමල්ට එන්තරවාසියක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට එරෙහිව කතෝලික සභාව විසින් එන්තරවාසි යැවීමට කටයුතු කරන බවකතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සිදුවූ දින කාදිනල් හිමිපාණන් දේව මෙහෙයට සහභාගිනොවූ…

මහරගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මහරගම, නාවින්න ප්‍රදේශයේදී අද (06) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. ඒ අනුව, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ස්කූටරයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

හෙට සහ අනිද්දා කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය වසා තැබීම සම්බන්ධයෙන් පොලීසිය දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ගන්දර පොලිස් වසමේ දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි පෙරහර හෙට (07) සවස 4.00 සිට රාත්‍රී 9.00 දක්වාත්, අවසන් රන්දෝලි පෙරහර…