Category Local News

කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද සංකේත වර්ජනයක

කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ අද (13) පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයකු රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ.…

දුර ගමන් බස්වලට AI කැමරා -ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක්

දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා තිබේ. පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවේ. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති හතළිහක් සවි කෙරේ. ඒවායෙන් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු…

ජනපති හිමිකම් පනතට එරෙහිව උසාවි යන්නෑ – හිටපු ජනපති චන්ද්‍රිකා

ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එවැනි කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.…

62,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

62,000 කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය දුන් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.  ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ වෙන විට පැවැත්වෙන 25වැනි ජාතික තරුණ සමුළුව අමතමින්.

දඹාන ආදීවාසී ජන උරුම කෞතුකාගාරයට යුරෝපානූ සංගමයේ අරමුදල්කරණයේ සම්පත් සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය හරහා නව ජීවයක් එක් වෙයි.

ශ්‍රී ලංකාවේ ආදිවාසී වැදි ජනතාවගේ ශතවර්ෂ ගණනක් පැරණි සංස්කෘතික උරුමයට යුරෝපානූ සංගමයේ අරමුදල්කරණයේ සම්පත් සංවර්ධනය සහ ප්‍රජා සවිබලගැන්වීමේ (DeREC) ව්‍යාපෘතිය හරහා සොලිඩරිඩැඩ් Solidaridad ආයතනය විසින් මෙහෙයවනු ලැබූ දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණය සමඟ විශිෂ්ඨ නව ජීවයක් ලබාදී ඇත. මෙම…

වසරේ දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ

මෙම අවසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (12) රාත්‍රියේදී සහ හෙට (13) අලුයම් කාලයේදී දැකගත හැකි වන බව අභාවකාශ විද්‍යාඥ, ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. වාර්ෂිකව දැකගත හැකි දෙවෙනියට විශාලතම උල්කාපාත වර්ෂාව මෙය බවයි ඔහු පවසා සිටියේ. මෙහි තවත්…

“ELLA WEEKEND EXPRESS” ලබන සෙනසුරාදා සිට

සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා සඳහා සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් ලබන සෙනසුරාදා (16) සිට ධාවනයට එක් කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සුන්දරත්වය විද ගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස්…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයාට භාරදෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව අද (12) කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඒ අනුව, එම විශ්වාසභංග යෝජනාව ඊයේ (11)…

උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය අද (12) මධ්‍යම රාත්‍රි 12.00 ට අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, අද දිනයේදී ද Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය…

2025 වසරේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 39,627ක්, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 47,615ක් සහ ගංජා සම්බන්ධයෙන් පුද්ගලයන් 42,620ක් පොලීසිය විසින් අත්අඩංගුවට…