Local News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දෙකක පුරප්පාඩු

ප්‍රියන්ත වීරසූරිය, පොලිස්පති ධූරයට පත්වීමත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත් නිලන්ත ජයවර්ධන, සේවයෙන් පහකිරීමත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත් මේ වන විට පුරප්පාඩුව පවතිනවා. මෙම තනතුරු දෙක සඳහා පත්වීමට නියමිතව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලිසියේ…

නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ගෝලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඊට අදාළ විමර්ශන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබෙනවා.මොවුන් හය දෙනා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යටතේ සේවය කළ තුවක්කුකරුවන් බවයි…

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයට දැඩි අවධානයක්

2026 -2029 වර්ෂ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී. රත්නායක පවසනවා. අප කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ මේ දිනවල අදාළ පාර්ශවවලින් යෝජනා ඉල්ලා සිටින…

තෙවන පාසල් වාරය හෙට ඇරඹෙයි

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය ‍හෙට (18) ආරම්භ කෙරෙනවා. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

ගත වූ දින 13 තුළ සංචාරකයින් 99, 406ක් දිවයිනට

මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 19,572 ක්. ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින්. එමෙන්ම මෙම…

විශ්වාසභංගය ගැන 19 වැනිදා කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව කථානායකවරයා ලබන 19 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. අදාළ යෝජනාව විවාදයට ගැනීමට නෛතික බාධාවක්…

AI භාවිතය ගැන රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමට වැඩමුළුවක්

ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් රජය අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවය සූදානම් විය යුතු බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ, ‘AI for Transforming Public Service’ මැයෙන් පැවැති වැඩමුළුව අමතමිණි. ජනාධිපති…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම…

සැන්ටා බාබ්රා නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබේ. අද (16) උදෑසන කොළඹ වරායට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි. මෙලෙස කොළඹ වරායට…

ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල නිලධාරියා ගැන විශේෂ විමර්ශනයක්..-වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති කියයි –

ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භ කැර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එහිදී අනාවරණය වන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා…