Category Local News

ලැබූ ජනවරම අවබෝධ කරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි-හිටපු ඇමැති පාඨලී චම්පික රණවක

ආණ්ඩුව ලද ජනවරම අවබෝධ කරගෙන කටයුතු කරනු ඇති බවත්, ආණ්ඩුව මාස හයෙන්, අවුරුද්දෙන් කඩා වැටී රට විපක්ෂයට යනු ඇතැයි නොසිතන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවේ අලුත්…

හිටපු ජනපති රනිල් ඕනෑම අර්බුදයකට මුහුණදීමට සූදානම්-හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ ආර්ථික පරිවර්තන නීතිය වත්මන් රජය අකුරක් නෑර ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ, මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී පසුගියදා…

නීති විරෝධී ක්‍රියාවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න-ඇමැති විජිත පොලීසියට දැනුම් දෙයි

අනවසර පස් කැපීම්, වැලි ගොඩ දැමීම්, මත්ද්‍රව්‍ය ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඉදිරියේදී මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්…

දිවි සුරකින හදිසි ප්‍රතිකාර සේවාව

එදිනෙදා ජීවිතය ගත කරන විට කොයි මොහොතක හෝ ඇද වැටී හෝ තැළීමකට ලක්ව හෝ කැපුමකට ලක්ව හෝ කිසියම් හෝ හදිසි අනතුරක් පුද්ගලයාට සිදු වීම සාමාන්‍ය ස්වාභාවයකි. මෙරට හදිසි ප්‍රතිකාර සේවාව කාර්යක්ෂමව හා විධිමත්ව ආරම්භ වූයේ ඉතා මෑතකදීය. 2019 වසරේදී හදිසි…

ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනයට පියවර

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගම මෙරට ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත. මෙම කරුණු අනාවරණය වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…

සූරියප්පෙරුම මහතා අද දැයෙන් සමු ගනියි

අභාවප්‍රාප්ත ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවමංගල්‍යය අද(05) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය . පසුගියදා ඔහු මිය යන විට 96වැනි වියෙහි පසුවිය. 1928 ජුනි මස 08වැනිදා උපත ලැබූ සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී දේශපාලනඥයකි. ඔහු එක්සත් ජාතික පක්ෂයෙත් පසුව ශ්‍රී ලංකා නිදහස්…

විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අගමැති අතර හමුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් ජනවාරි 04 වැනිදා = විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි. මෙහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින…

මහසෙන්ට යළි ප්‍රතිකාර

තුවාල ලබා සිටින මහසෙන් හස්තියාට නැවතත් ප්‍රතිකාර ආරම්භ කර තිබේ. දකුණු පාදයට ඉහළින් සහ පසුපස ප්‍රදේශයේ තුවාල කිහිපයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. ලංකාවේ වන ඇතුන් අතරින් විශාලම දළ යුඟලයකට හිමිකම් කියන මහසෙන් හස්තියා වසර දෙකක පමණ කාලයක සිට කැකිරාව…

ශ්‍රී ලංකාව 2025 දී සංචාරකයින් මිලියන 03ක් ඉලක්ක කරයි

2025 වසරේ දී සංචාරක පැමිණීම් මිලියන 03ක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සිය සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු පිම්මක් පැනීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සදහන් කරයි. මෙම අභිලාෂකාමී ඉලක්කය 2024 දී සංචාරකයින් මිලියන 2.1ක් දක්වා වර්ධනය…

දුමින්ද සිල්වා ඉන්න වාට්ටුවේ අලුත්ම ඡායාරූප මාධ්‍යයට නිකුත් කරයි – කිසිදු විශේෂත්වයක් කරන්නේ නැතිලු

මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වා මහතාට බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන අතරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇත. දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටුවේ අංක 3 හි…