Category Local News

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි…

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත හරහා පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයට බලතල ලැබෙන බවයි ප‍ාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ…

රවී කරුණානායක සැකකරුවෙක් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමයි

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟවීම ඇතුළුව, පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවකු…

රන් පැහැ T56 සිද්ධියට දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයි

රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද අධිකරණයට රැගෙන විත් තිබෙයි.

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවට අද 148ක් පිටව යයි

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එසේ රැකියා හිමිවූ 06 වන කණ්ඩායම මෙය වන අතර, ඔවුන් කාණ්ඩ තුනක් යටතේ මෙරටින් පිටත්ව යාමට කටයුතු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය…

පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධිය:

ගුරුවරියට හා සැමියාට වසර 45ක සිරදඬුවම් වින්දිත දැරියට ලක්ෂ 15 බැගින් වන්දි ගෙවීමටත් නියෝග ස්ත්‍රී දූෂණ චෝදනාව විත්තිකාරියකට එල්ලවීම අධිකරණ ක්ෂේත්‍රයේ විරල අවස්ථාවක් –මහාධිකරණ විනිසුරු කියයි දුෂ්කර ප්‍රදේශයක පාසලක තමා යටතේ ඉගෙන ගන්නා බාලවයස්කාර සිසුවියක් කොළඹ පෙන්වීමට බව පවසා සිය…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (05) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

ලෝ​ක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. ඒ අනුව ​ලෝ​ක පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවයි පරිසර අමාත්‍යංශය සඳහන් කළේ. එම උත්සවය අද උදෑසන 09.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.…

වාහන ආනයනයෙන් බිලියන 136 ක ආදායමක්

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450 ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇති බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට වසරේ ගතවූ පළමු මාස පහ තුළ…