Category Local News

RMV ලොක්කා ලබන 30 දක්වා රිමාන්ඩ් 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මාර්තු 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහුව අද (28) පස්වරුවේ කුරුණෑගල, පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. නීති විරෝධීව එකලස් කරන ලද…

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අමාත්‍යාංශය පැවසුවේ පසුගිය වසරේ ජූලි මස 04 වැනි දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා මෙම අයදුම්පත් කැඳවන බවය. අයදුම්පත් භාර ගැනීම මේ…

ඉන්දියාවෙන් පිටුවහල් කළ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වසරේ ජනවාරි 29 වැනි දින එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගනේමුල්ල පොලිස් වසමේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3,450ක් සමග…

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 

පවතින උණුසුම් කාලගුණයේ වෙනසක් ඇති කරමින් අද (29) පස්වරුවේ සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ අද…

සංශෝධිත බස් ගාස්තු බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි

සංශෝධිත බස්ගාස්තු මගී ජනතාවට බස් රථය තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පැවසුවේ මගී සේවා අවසර පත්‍ර කොන්දේසි 16 (A) අනුව මෙය අනිවාර්ය වන බවය. අදාළ ප්‍රදර්ශනය කිරීම් බස්…

වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම ඩිජිටල් වෙයි 

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු සූදානම් කර තිබේ.  ඒ අනුව ලබන 31 වෙනිදා පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටි ජාත්‍යන්තර…

ශ්‍රේෂ්ඨාධිකරණය භෞතික නඩු ගොනු රහිතව නඩු විමසයි

මෙරට අධිකරණ ඉතිහාසය පරීවර්තනීය වෙනසකට යොමු කරමින් කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ නඩු විභාගයක් පසුගිය මාර්තු 26 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකර තිබේ. ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ  විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා…

ඉන්ධන තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

ඉන්ධන තොගයක් නිවසේ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි කාන්තාවක් කුඩාඔය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගිපුර ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි. අදාළ කාන්තාවගේ නිවසේ ඉන්ධන තොග රැස්කර සඟවා ඇති බවට ඌව කුඩාඔය පොලීසියට…

මිල අඩු ආනයනික භාණ්ඩ ගැන පැමිණිලි කරන්නැයි හඳුන්නෙත්ති ඉල්ලයි  

අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කරන අයට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය නීති ඉදිරියේදී සකස් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.  ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාලන්දා සහ කළුදේවල කර්මාන්තපුරයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.…

විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 29,191ක් පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (28) සැකකරුවන් 635ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,191ක් පරීක්ෂාවට ලක්…