Category Local News

අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා

දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථා තත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටසේ ආරම්භය, අ.පො.ස උසස්‍ පෙළ විභාගය පැවැත්වීම පැවැත්වීම වැනි මූලික කරුණු රාශියක් මුල් කරගනිමින් අධ්‍යාපන, උසස්…

පොලිසියේ විශේෂ මෙහෙයුම් යටතේ ඊ​යේ දිනයේදී පුද්ගලයින් 26,225 ක් පරීක්ෂාවට

අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (09) දිනයේදී පුද්ගලයන් 26,225 ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පවසනවා. එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 28 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 602 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.…

සම්ප්‍රේෂණ කුලුනක තඹ කේබල් කැපූ පුද්ගලයෙක් අත්අඩංගුවට

රඹුක්කන, යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනක සවිකර තිබූ තඹ කම්බි සොරකමක් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13 කට අධික ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන…

බෝගහපතන ප්‍රදේශයේ නාය යෑමක් සිදුවෙයි

මීගහකිවුල, මොරහෙල, බෝගහපතන ප්‍රදේශයේ නාය යෑමක් සිදු වී තිබෙනවා. එසේ නාය යෑමක් සිදු වුවත්, එම ස්ථානයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සඳහන් වෙන්නේ. අදාළ ප්‍රදේශ‍යට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබා දීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම ආරම්භ වී තිබෙනවා. ඊයේ (09) ආරම්භ වූ මෙම වාරි ප්‍රතිසංස්කරණ දෙසතිය දෙසැම්බර් 09 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කය…

අද කාලගුණ නිවේදනය

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100…

හෙට සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වන කාලසටහන

හෙට (10) සිට ප්‍රධාන මාර්ගයේ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පසුගිය දා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අඹේපුස්ස – අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති බෝක්කුව, අසලින් ගලා…

Rebuilding Sri Lanka අරමුදලට Naturub Group Of Companies වෙතින් රුපියල් මිලියන 100ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර  Naturub Group Of Companies වෙතින් රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත Naturub Group Of Companiesහි සභාපති තිස්ස ඉලේපෙරුම…

ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න ලෙස රජයෙන් ඉල්ලීමක්

පශ්චාත් ආපදා සහන සලසන බවට පවසන ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ආපදාවට පත් වූ ජනතාවට සහන සලසන බවට ප්‍රකාශ කරමින් සහ ආපදාවට පත් වූවන්ගේ පුද්ගලික තොරතුරු…

මාර්ග සංවර්ධන අධිකාරීය සමග එක්ව Google Map මෙරට A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කරයි

මාර්ග සංවර්ධන අධිකාරීය සමග එක්ව Google Map මෙරට A හා B මාර්ග සිතියම් යාවත්කාලීන කර තිබෙනවා. නිවේදනයක් නිතුත් කරමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබෙනවා.