Category Local News

පොලිස් මෙහෙයුම්වලින් ඊයේ සැකපිට 1,006ක් අත්අඩංගුවට

පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ඊයේ (24) දින මෙම මෙහෙයුම්වලට…

තද සුළං පිළිබද කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු හෝ ඉතා රලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය…

බැකෝ සමන්ගේ බිරිඳ ඔක්තෝබර් 09 දක්වා රිමාන්ඩ් කිරීමට නි‍‍යෝග

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සැකකාරියගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු…

UPDATE: තලාවේ රිය අනතුරින් මියගිය ගණන 04 දක්වා ඉහළට

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව, මීරිගම හංදිය ආසන්නයේ අද අලුයම සිදුවූ රිය අනතුරෙන් මියගිය ගණන හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තලාව, මීරිගම හංදිය ආසන්නයේ මොරගොඩ ප්‍රදේශයේදී, අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කළ ලොරි රථයක් සහ කුරුණෑගල දෙස සිට…

මත්ද්‍රව්‍ය අඩංගු ලොරි රථ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා, රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට අවසර ලබාදී තිබෙනවා. අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ රෝහලේ…

ඔක්තෝබරයේදී ලොව සංචාරයට හොඳම රට ශ්‍රී ලංකාව ලෙස Time Out සඟරාව විසින් නම් කෙරේ

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාන්‍යයේ ‘Time Out’ නිකුත් කළ නවතම අනාවරණයට අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන…

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (25) දිනයේද පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ. එසේම, පෙ.ව 10.00 – 11.00…

තලාවේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව, මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද (25) අලුයම සිදුවී ඇති මෙම අනතුරෙන් තිදෙනෙකු මියගොස්, තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෑන් රථයේ…

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෘජුව දැනුම්දීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වාදෙයි

දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට පොලීසිය විසින් අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව, පහත දුරකථන අංක ඔස්සේ සෘජුව අමතා තොරතුරු ලබාදීමේ හැකියාව ඇති බවයි…

වසන්තගේ ක්‍රිප්ටෝ මුදල් හා කථානායක‍ගේ Binance USDT ලබාගත්තේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න – දයාසිරි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා අඩවියේ වෙබ් අඩවියේ පළ කිරීම තුළ විශාල මහජන මතයක් සමාජය තුළ ගොඩ නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ තොරතුරු අනුව, වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සතුව ක්‍රිප්ටෝ මුදල්…