Category Local News

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි සඳහන්…

අද ඉදිරිපත් කරපු අයවැය මහපොළොවේ ඉඳගෙන හදපු එකක් නෙවෙයි – සජිත් ප්‍රේමදාස

ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ අයවැය ‘මහපොළොවේ සිට’ සකස් කරන ලද අයවැයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව, මෙවර අයවැය හරහා ද පෙන්නුම් කරන්නේ බොරුවෙන් වැජඹීමේ රජයේ අරමුණ බවයි අද (07) අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම වාර්තා කරයි

ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම ඊයේ (06) වැනිදා වාර්තා කර තිබෙනවා. ඒ රුපියල් බිලියන 27.7ක් බව සඳහන්. එම ආදායම ඉකුත් 2024 ඔක්තෝබර් 15 වැනිදා ලැබූ ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ. එමෙන්ම…

2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන…

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලට හිමිවෙයි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑලට හිමිවී තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද (07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේදී පැවැත්වුණා. එහිදී ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 195 ක් ගනිමින්…

අයවැය 2026: අයවැය කතාව අවසන්

2026 වසර සඳහා වන මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ අයවැය කතාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. ඉන්පසුව, පාර්ලිමේන්තුව හෙට (08) පෙරවරු 9.30 දක්වා කල් තබන බව කථානායකවරයා සඳහන් කළා. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය…

2026 වසරේ අයවැය යෝජනා

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්. ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්, * වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා* උද්ධමනය 5%ට අඩු මට්ටමක…

ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා අමතර රුපියල් මිලියන 800 ක් වෙන් කරනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්. * 2026 අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන ආයතනවල මෙහෙයුම් හා අත්‍යවශ්‍ය…

NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ. අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන…

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.