Category Local News

එජාප-සජබ දීගයට නායකත්වය බාධාවක් නම් ඉවත් වෙන්න සූදානම්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එක්වීමට සිය පක්ෂ නායකත්වය බාධාවක් නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා…

ගතවූ පැය 24දීත් වැඩිම වැස්ස උඩුදුම්බරට

අද (19) උදෑසන 6න් අවසන් වුණු ගතවූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය උඩුදුම්බර ප්‍රදේශයට ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ උඩුදුම්බර ප්‍රදේශයට මිලිමීටර් 201ක වර්ෂාපතනයක්…

උතුර, මඩකලපුව හා පුත්තලම මාර්ග ජනවාරි 01 සිට දුම්රිය ධාවනයට විවෘතයි

උතුර, මඩකලපුව හා පුත්තලම දුම්රිය මාර්ග ජනවාරි 01 සිට දුම්රිය ධාවනයට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය ද අද (19) මුළුමනින්ම විවෘත කරන බවත් හෙට…

කඩිනම් මූල්‍ය පහසුකම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට IMF විධායක මණ්ඩලය අද රැස්වෙයි

කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව තිබෙනවා. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක කඩිනම්…

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කෙරේ

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කර තිබෙනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. වග කිවයුතු තනතුරක් දරණ රජයේ වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් විවිධ මාධ්‍ය…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (19) දිනයේදීත් පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා, 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500 ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ…

ප්‍රධාන වැව් සහ ජලාශ 34 ක් වාන් දමයි

ප්‍රධාන වැව් සහ ජලාශ 34 ක් වාන් දමමින් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව යන ජලාශ සහ මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශ වාන් දමන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලටත්, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත්…

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් මෙසේ ගංවතුර…

මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට 19 සහ 22 සඳුදා නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලුම පාසල්වලට (19) දිනයේ සහ ලබන 22 වැනි සඳුදා දිනයේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. නත්තල් නිවාඩුවෙන් පසුව යළිත් මෙම මස 29 වැනිදා පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන…