Category Local News

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගතහොත් මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙනවා – නීතිපති

හිටපු ඇමති උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවහොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම සියයට 10කින් ඉහළට

2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම සියයට 10කින් ඉහළ ගොස් තිබෙනවා. එසේම, මගීන් සංඛ්‍යාව සියයට 22කින්ද, ධාරිතාව 10කින්ද වර්ධනය වී ඇති බවයි එම ගුවන් සේවය නිවේදනය කළේ. එමෙන්ම මෙම වසරේ ගතවූ…

මූල්‍ය සේවාවලට ඩිජිටල් පහසුකම්වලින් ලැබෙන වාසි ගැන මහ බැංකු අධිපති කියයි

මූල්‍ය සේවාවලට ඩිජිටල් යටිතල පහසුකම් සැපයීම හරහා සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති සමුළුවකට එක්වෙමින්. ‘සැප්තැම්බර්’ මාසය ඩිජිටල් මාසය වශයෙන් නම්කරමින් රජයේ ඩිජිටල්කරණ…

වැඩි මිලට සහල් විකුණුවැයි ලක්ෂයක දඩයක්

රුපියල් 240ට විකිණීමට නියමිතව තිබු දේශීය සුදු සම්බා සහල් කිලෝවක් රුපියල් 260ට විකිණීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න අද (24) ලක්ෂයක දඩ මුදලක් නියම කළා. මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි MMS ස්ටෝස් නැමැති වෙළෙඳ සැලකිමිකරුවකු වන…

ඖෂධ මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බවත්, ඉන් පසු ලෝකයේ තිබෙන හොඳම ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවනු ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසා තිබෙනවා. ඔහු…

සොඳුරු කලාකරු නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙලගේ දේහය ඊයේ (23) රාත්‍රියේ දී මත්තෙගොඩ ප්‍රසන්න උයනේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා. එම දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය, කලාකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.…

මතට ඇබ්බැහි වුවන්ගෙන් බහුතරයට සාමාන්‍ය පෙළවත් නැහැ

අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඇතුළු බොහෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ අධ්‍යාපන මට්ටම සාමාන්‍ය පෙළට (O/L) වඩා අඩු බව මෑතකදී කළ අධ්‍යනයකදී හෙළිදරව් වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට දැඩි පුනරුත්ථාපනයක් අවශ්‍ය වන අතර රැකියා විරහිතව සිටින නිසා රාජ්‍යයට දැඩි බරක් ද…

රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය 01Kg 556g සමග තායිලන්තයේ සිට මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අද අලුයම අත්අඩංගුවට ගත් පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවනවා. මොහු කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී…

විදුලි සේවකයින්ගෙන් අද දැඩි තීන්දුවක්

විදුලි වෘත්තිය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියරය ලෙස වැඩ වර්ජනයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමග එම පනතට විරෝධය දක්වමින් විදුලි…

මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ දූෂණ නඩුව නොවැම්බර් 17 විභාගයට ගැනීමට දින නියම වේ

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, වත්කම් හා දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (24) දින නියම කලා. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී, අල්ලස්…