Category Local News

අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ‍ගෙන් පෙත්සමක්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර, අපේක්ෂිත ඇපයක් මත තමා මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් එහි වග උත්තරකරු…

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක කෙරේ

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අද දිනය පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ජාතික ළමා සතියට සමගාමීව මෙය ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථවලින් ගුණාත්මක සේවාවක් සැපයීම…

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

ජාතික වගාරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 1,669ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව වී, බඩ ඉරිඟු, මිරිස් සහ අර්තාපල් යන වගාවන් සඳහා ගොවීන් 81,234 දෙනෙකුට මෙමගින් ප්‍රතිලාභ ලබා දී ඇති බව එම මණ්ඩලය…

AI භාවිතය පිළිබඳව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමක්

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන හෙට (26) ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.  රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව…

මුදල් ගනුදෙනුවක් ජීවිතයක් බිලිගනී

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී ඝාතනයක් සිදුකර තිබේ. මියගිය පුද්ගලයා මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කර ඇති අතර එහිදී ඔහු හා මිතුරු වූ පුද්ගලයෙකු සමඟ සිදුකර ඇති මුදල් ගනුදෙනුවක් සම්බන්ධව ඇති වූ ආරවුලකදී මෙම ඝාතනය සිදුකර ඇත. ඊයේ…

නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා. ඒ අනුව, නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන…

රනිල්ට ඉසුරුපාය ළඟ පර්චස් 20ක ඉඩමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්කම් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව වෙත ප්‍රකාශකර තිබුණා. මේ දිනවල කතාබහට ලක්වී ඇති මැති ඇමතිවරුන්ගේ හා දේශපාලඥයින්ගේ වත්කම් සම්බන්ධයෙන්ද මෙහිදී කතාබහක් ඇතිවූ අවස්ථාවේදී තමාට හිමි වත්කම් ගැන රනිල්…

ක්‍රිෂ් නඩුවට කොළඹ අධිකරණයේ මුල් නඩු වාර්තාව කැඳවීමට නියෝග

ක්‍රිෂ් ගණුදෙණුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (26) එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු…

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025 වසර සඳහා සිසු හෙද පුහුණුවට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනයන් සහ ස්ථාන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද සහ වයඹ යන පළාත් ත්‍රිත්වයේම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම සම්මුඛ පරීක්ෂණ 2025…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙනවා. අඹේපුස්ස දුම්රිය ස්ථානය අසළදී දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රියන් ද ප්‍රමාද සහිතව ධාවනය වනු ඇති.