Category Local News

නොවැම්බර් 24 වැනිදා සිට බැංකු කාඩ් මඟින් බස් ගාස්තු ගෙවීම ආරම්භ කෙරේ

නොවැම්බර් 24 වැනිදා සිට ඕනෑම බැංකු කාඩ්පතක් හරහා බස්‍ ගාස්තු ගෙවිය හැකි ක්‍රමයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. බස් ගාස්තු ලබා දුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම විශාල ගැටලුවක් බැවින් එයට…

UPDATE: විපක්ෂ මන්ත්‍රීවරු 4 ක් අයවැයට පක්ෂව ඡන්දය දෙයි

2026 වර්ෂයට අදාල අයවැය දෙවැනිවර කියවීම අද (14) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 118 කින් සම්මත වුණා. ඒ අනුව ඡන්දය භාවිතා කිරීමේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේසන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන් සහ ජීවන් තොණ්ඩමාන් (CWC) අයවැයට පක්ෂව ඡන්ය භාවිතා…

රටම එකට ජාතික මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 16,000 ඉක්මවයි

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට ඊයේ (13) දිනය දක්වා වැටලීම්…

රුහුණු සරසවියේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් – 6ක් රෝහලට

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. බගවන්තලාව මෝරා වතුයායේ පිහිටි වැවිලි පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රායෝගික වැඩමුළුවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් අද (14) ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබුණි. බඹර ප්‍රහාරය එල්ල වූ…

තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙන්න එයි

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ.

හිටපු NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ. අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි. එම…

රාජකාරී වේලාවේ මත්පැන් පානය කළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට

රාජකාරී වේලාවේ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ විසින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය උත්තරානන්ද මාවත (අරලියගහ මන්දිරය අසල) ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේ රාජකාරී කරමින් සිටි ගේට්ටු ක්‍රියාකරුවෙක්ය. මෙලෙස අත්අඩංගුවට…

සෞඛ්‍ය ක්ෂේත්‍රය නොසලකා හැරලා – සජිත්

අයවැය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට පහසුකම් රැසක් ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ (13) විපක්ෂ නායකවරයා හමුවූ අවස්ථාවේදීයි ඔහු මෙසේ පවසා ඇත්තේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පිටතින් ඖෂධ…

උසස් පෙළින් සුදුසුකම් ලබන ආබාධිත සිසුන්, මෙතෙක් පීඨ 4ක් සඳහා පමණක් ඇතුළත් කර ගනු ලැබූවත්, මින් පසු විශ්වවිද්‍යාලවල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට පියවර..

 උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අබාධිත සිසුන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වල සියලු පීඨවලට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබේ. උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක අනුකාරක සභාවේ අනුමැතිය ඊට හිමිවූ බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා…