Category Local News

දිස්ත්‍රික්ක 7කට අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (01) රාත්‍රී 11 දක්වා වලංගු වේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එම දිස්ත්‍රික්කවල ඇතැම්…

ලබන 03 වෙනිදා ශිරන්තිට FCIDයෙන් කැඳවීමක් – නාමල් CIDයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 03 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ලබන 03 වන දින පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස අදාළ…

ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්

2026 ජාතික බොක්සිං ශූරතාවලියේ ඉකුත් 29වනදා පැවැති තරගයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වය ගැන ජාතික බොක්සිං සංගමය කරුණු පැහැදිලි කර තිබේ. ඉහත තරගයේ ප්‍රතිඵලයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින්, එම ප්‍රතිඵලයට එරෙහිව එදින පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්ත්වය…

ග්‍රෙගරි වැවේ තිබී බිළිඳියකගේ මළ සිරුරක් සොයාගැනේ

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) දින සොයා ගත් බව නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු පවසයි.  ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරු අනුව මෙම සිරුර සොයාගෙන ඇත. නුවරඑළිය පොලිසිය…

‘දිට්වා’ නිසා වසා දැමූ රිවස්ටන් අද සිට යළි විවෘත කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත අද (1) සිට යළි විවෘත කරනු ලැබීය. රිවස්ටන් සංචාරක කලාපය වෙත මාතලේ රත්තොට දෙසින් හා ලග්ගල දෙසින් ගමන් කිරීමට තිබූ මාර්ග දැඩි ලෙස…

කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි – හරිනි අමරසූරිය

ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, වෘත්තීය අධ්‍යාපන අංශයට අනුබද්ධ ආයතනවල…

වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සහ ආහාරපාන පිළිගන්වන සේවයේ යෙදවීමට තිබූ බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්

Gemunu Parapura

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිලිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇති…

මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට්ටුව යළි දීර්ඝ කෙරේ

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය යළිත් දීර්ඝ කර තිබේ. ජනවාරි මස 28 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව…

මාර්ග වේග සීමා සංශෝධනය මාර්තු 31ට පෙර

ශ්‍රී ලංකාවේ මාර්ගවල දැනට පවතින වේග සීමාවන් යාවත්කාලීන කර ක්‍රියාවට නැංවීම ලබන මාර්තු මස 31 වැනිදාට පෙර සිදු කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එහි සභාපති මංජුල කුලරත්න ප්‍රකාශ කළේ, මේ වන විටත් වේග සීමා සංශෝධනය…