Category Foreign

දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට මාර්ගගතව දේශනයක් සිදු කරයි. මෙම වසර පැරිස් ගිවිසුම අත්සන් තැබීමේ 10 වන සංවත්සරය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය බව ඊයේ(23) සිදු කළ දේශනයේ දී ෂී ජින්…

සවුදි-ඉන්දීය වෙළෙඳ ගනුදෙනුව ඩොලර් බිලියන 42 ඉක්මවයි

වසර 2030 දී ඉන්දියාවේ ප්‍රධානතම විදෙස් වෙළෙඳ හවුල්කරු බවට පත්වීමේ අරමුණින් සවුදි අරාබිය ඉන්දියාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනටමත් සවුදි අරාබියේ දෙවැනි විශාලතම වෙළෙඳ හවුල්කරු වන ඉන්දියාව තවත් වසර තුනකින් ලොව විශාලතම තුන්වැනි ආර්ථිකය…

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් හටගෙන තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගෝ දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිඳු දේපළ හානියක් සිදු වී…

ලොවෙහි සාමය පාප්තුමාගේ අපේක්ෂාවයි

(මරදාන, පාතිමා පල්ලියේ මීසම භාර ජගත් ඇන්තනි පියනම (නිමනි) සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි) ශුද්ධෝත්තම පාප් පදවියට පත්වූ පළමු ලතින් අමෙරිකානු පූජකවරයා වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත්දා (21) ස්වර්ගස්ථ වූහ. 88 වියේ පසු වූ එතුමන් ස්වර්ගස්ථ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගෙන්…

පාප් වහන්සේට අවසන් ගෞරව…

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සහිත ඡායාරූප කිහිපයක් ඊයේ වතිකාන කතෝලික සභාව විසින් මාධ්‍යයට නිකුත් කරනු ලැබීය. අද (23) දිනයේදී බැතිමතුන්ගේ ගෞරවය පිණිස සාන්ත පීතර බැසිලිකාවට රැගෙන යෑමට නියමිත උන්වහන්සේගේ දේහය ඊයේ කැසා සැන්ටා මාර්තාහි පිහිටි දේවස්ථානයේ තැන්පත් කර…

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි. මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත්…

මිනිස් වාසයට සුදුසු විය හැකි නව ග්‍රහලෝකයක් විද්‍යාඥයින් සොයාගනී

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය කණ්ඩායම එය නම් කර ඇත්තේ K2-18b ලෙසයි. මෙම ග්‍රහයා සොයාගෙන තිබුණේ…

කොංගෝවේ බෝට්ටුවක් පෙරළීමෙන් 50ක් මරුට

වයඹ දිග කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබේ. කොංගෝ ග‍ගේ යාත්‍රා කරමින් තිබු මගී බෝට්ටුවක ඇතිවු ගින්නක් සමඟ මගීන් කළබලවීම…

ඇෆ්ගන් සරණාගතයන් රටින් පිටුවහල් නොකරන්නැයි මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලයි

ඇෆ්ගනිස්තාන සරණාගතයන් රටින් පිටුවහල් කිරීම වහාම නවත්වන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇතැයි එරට නේෂන් පුවත් සේවය වාර්තා කළේය. විශේෂයෙන් කාන්තාවන් සහ දැරියන් පාකිස්තානයෙන් පිටුවහල් කිරීම සම්බන්ධව ඇය දැඩි කනස්සල්ලට පත්වී සිටින බව…

අමෙරිකාවේ උපජනාධිපති 21දා ඉන්දියාවට

ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධව අවධානය යොමු කරමින් අමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩී.වැන්ස් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ මස 21 දින ආරම්භ වීමට නියමිත අමෙරිකාවේ උපජනාධිපතිවරයාගේ සිවුදින ඉන්දීය නිල සංචාරය අතරතුර නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ…