News Editor

News Editor

ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (17)  කැඳවා…

ජනපති චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සංචාරයේ සාර්ථක අවසන් දිනය සනිටුහන් කරමින් අද (17) දිනයේ චීනයේ චන්දු ප්‍රදේශයේ විද්‍යුත් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට නියමිතය. ඉන් අනතුරුව දුප්පත්කම තුරන් කිරීම සම්බන්ධයෙන් වන ආදර්ශ ගම්මානයක්…

ලංකාවේ ජනගහනය ලක්ෂ 02කින් පහළට යයි

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15) කරන ලද සාකච්ඡාවකදී සඳහන්ව…

පාර්ලිමේන්තුව ජනවාරි 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී…

ශ්‍රී ලංකාවට එන්න: ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ආරාධනා

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ ‘ආයෝජන සැසියේ’ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් චීන ආයෝජකයන්ට ආරාධනා කළේය. ජනාධිපති අනුර කුමාර…

පොහොර සහනාධාරය ගොවීන් බහුතරයකට දී අවසන්-ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ

වී ගොවීන් සඳහා ආණ්ඩුව ලබා දෙන පොහොර සහනාධාර වැඩපිළිවෙළ යටතේ මේ වන විට රුපියල් බිලියන 18ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පියවර ගත් බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කරයි. මෙම මුදල් දිස්ත්‍රික්ක 25ක වී…

ලුමුම්බා නම් වූ අප්‍රිකානු ගිනි සිළුව

බෙල්ජියම් යටත් විජිත පාලනයෙන් කොංගෝව නිදහස් කර ගැනීමට පිහිටුවන ලද කොංගෝ ජාතික ව්‍යාපාරයේ නායක පැට්‍රික් හෙමරි ලුමුම්බා නාමය ඉතිහාසයට එක්ව ඇත්තේ තවත් එඩිතර විප්ලවවාදියකු ලෙසය. කොංගෝව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ ලුමුම්බා, මහජන ඡන්දයෙන්…

ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව ගැන සොයන්න නිලධාරීන් සාකච්ඡාවකට කැඳවනවා-දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර

ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම මෘදුකාංගය හඳුන්වා දුන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (16) පැවසීය. විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය…

ජානක පෙරේරාගේ බෝම්බකරු කෙහෙළියගේ ආරක්ෂකයෙක්-උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායකගෙන් පැමිණිල්ලක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක මහතා නීතිය…

කොම්පඤ්ඤ වීදියේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සෑදූ නීතිඥයා රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හිමිනමකට අයත් රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සාදා දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරයකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (16) නියෝග කළාය. මෙලෙස…