News Editor

News Editor

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පසුගිය 25 වනදා පස්වරුවේ පුරදර සෙවන මහල් නිවාස සංකීරණය ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක සිටි පුද්ලගලයෙකුට සහ කාන්තාවකටයි මෙම වෙඩි…

‘මදුරෝ දිනුවේ හොර ඡන්දයෙන්’ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වෙනිසියුලාවේ ජනතාව මහ පාරට බසී

වෙනිසියුලාවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාව වීදි බැස විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනාධිපතිවරණයෙන් නිකොලස් මදුරෝ ජයග්‍රහණය අත්කර ගත් බව එරට මැතිවරණ කවුන්සිලය කළ නිවේදනය ප්‍රතික්ෂේප කරමින් ජනතාව ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ…

ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි මීට අමතරව, වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ…

ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් තරුණ පිරිසට වෘත්තීය ප්‍රතිලාභ රැසක්

-අගමැතිගෙන් ජර්මනියට ප්‍රසාදය ලංකා – ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට වෘත්තීය පාඨමාලා තුළින් ප්‍රතිලාභ රැසක් දීම පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජර්මනියට ස්තූතිය පළ කළේය. අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහත්වරුන්…

කයිල් අබේසිංහට මූලික වටයේ තරගයෙන් 8 වන ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42 කින් නිම කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සමත් වුණා. එහිදී ඔහුට 8 වන ස්ථානය හිමිවී ඇති අතර සමස්​ත ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිවී…

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (30) උදෑසන පැවැත්වුණා. එහිදී අදාළ තීරණය ගෙන ඇති බව සඳහන්. අදාළ රැස්වීමේදී ජනාධිපතිවරණය…

ISTRM නිල වෙබ් අඩවිය එළිදැක්වෙයි

සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මෙම නව වෙබ් අඩවිය, සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම්…

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 36 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ කේරළයේ මෙදිප්පා ප්‍රදේශයේ සිදු වූ නායයෑම් කිහිපයක් හේතුවෙන් පුද්ගලයන් 36 ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නායයෑම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිය ගණනක් සිර වී සිටින බව ද වාර්තා වෙයි මේ වන විට අනතුරට පත්…

ආරුක්කු නවය පාලම සහ දෙමෝදර රේල් ගැටය ආරක්ෂාවට නව වැඩපිළිවෙළක්

ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතර අවබෝධතා ගිවිසුමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අත්සන් තැබිණි. ලංකාව තුළ ප්‍රථම වරට ජාතික…