News Editor

News Editor

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුද උණුසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ, මේ හේතුවෙන් ගැටුම් කලාපය මඟ හැරීම සඳහා ලන්ඩන් ඇතුළු…

මාලිමාව පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන ලබාදුන් පොරොන්දුව තවමත් ඉටු නොවීම ගැන කණගාටුයි – කාදිනල් හිමිපාණන්

පාස්කු ‍ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එන කිසිදු නිර්දේශයක් මේ දක්වා ක්‍රියාත්මක කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් කටයුතු කර නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අනුව යුක්තිය පසඳලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යෝජනා…

කෙහෙළියට සහ ජයම්පති බණ්ඩාරට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව ජනමාධ්‍ය…

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ…

ජනපති අද ජර්මන් වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) එරට වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා. එසේම ජනාධිපතිවරයා අද ජර්මානු සංචාරක සංගම් නියෝජිතයින් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර, එරට වෙසෙන ශ්‍රී…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී අධිකරණයට රැගෙන එයි

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න අද (13) අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා. ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට ඔහුට එරෙහිව‍ චෝදනා එල්ල වී…

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. ලොතරැයි මණ්ඩලයට අයත් ලැප්ටොප් පරිගණකයක්…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් උත්සන්නවීමත් සමග මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වඩාත් විමසිලිමත්ව පසුවිය යුතු බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා.  ඒ අනුව ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සිය ගුවන් ගමන් ප්‍රමාද කිරීම…

නරේන්ද්‍ර මෝදි ගුවන් අනතුර සිදුවූ ස්ථානයට යයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගොස් තිබෙනවා. තුවාල ලැබූවන් හමුවීම සඳහා අහමදාබාද් සිවිල් රෝහලටද ඔහු ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.  මේ අතර සර්දාර් වල්ලභභායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි…

වෘත්තීය පුහුණුව සක්‍රීය කිරීමෙන් දරිද්‍රතාවය දුරු කළ හැකියි – අගමැතිනිය

වෘත්තීය පුහුණුව සක්‍රීය කිරීමෙන් දරිද්‍රතාවය දුරු කරගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. චර්යාමය‚ පාරිසරික මෙන්ම යහධර්ම මත ගොඩනැඟෙන ක්ලීන් ශ්‍රී ලංකාවක්  අරමුණු කරගත් ජාතික වැඩසටහනට සමගාමීව වෘත්තීය අධ්‍යාපන අංශයේ ජාතික‚ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන 311ක් කේන්ද්‍ර කරගනිමින්…