News Editor

News Editor

2025 මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා සංචාරකයින් 1,408,335ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කර ඇත්තේ මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් වන බවය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින්…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. යෞවන සමාජ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වය ගැන මෙහිදී අදහස් දැක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ මුල් කාලීන අරමුණු මෙන්ම සිය පාලන සමයන්හි ජාතික…

සුපිරි ඉන්දීය නිළි තමන්නා දිවයිනට පැමිණෙයි

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි වාර්තා වන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය මෙරටට පැමිණ තිබෙනවා.

තවත් රාජ්‍ය ආයතන 50ක්, GovPay හා එක් කිරීමට පියවර…

තවත් රාජ්‍ය ආයතන 50 ක්, GovPay පද්ධතිය හා සම්බන්ධ කිරීමට පියවර ගෙන තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සඳහන් කළේ, ලබන සැප්තැම්බර් මාසයේ සිට එය ක්‍රියාත්මක බවයි. ඒ අනුව GovPay පද්ධතිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන සංඛ්‍යාව 100…

මුහුදේදී මියගිය ධීවරයකුගේ සිරුර ගොඩබිමට

ගාල්ල ධීවර වරායේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදු සැතපුම් 180ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) පෙරවරුවේ මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි. ධීවරයින් 06 දෙනෙකු…

මහජන ආරක්ෂක ඇමති ලේකම් ලෙස වෙස්ගෙන මහරගම පොලීසියට ඇමතුම් දුන් අයෙක් අල්ලයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලීසිය වෙත ඇමතුම් ලබා දුන් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු විසින් හොරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු…

මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (09) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ අලුයම් කාලයේදී මැදවච්චිය පොලිස් වසමේ කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව…

නිව්යෝර්ක්, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු රෝහලේ

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. තුවාල ලබා රෝහල්ගත කළ පිරිසගේ තත්ත්වය එතරම් දරුණු නොවන බවද විදෙස් මාධ්‍ය…

ලෝක වෙළඳපොලේ තෙල් මිලේ අඩුවක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට මාසයකට පසු වාර්තා වූ අඩුම අගය සටහන් කර තිබෙනවා. අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 66යි ශත 59ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්. ජූලි මස අවසානයේ…

ජපුර රෝහලේ අධ්‍යක්ෂ හේවගේත් අස්වීමේ ලියුම දෙයි!

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ ලබන සැප්තැම්බර් මස මැදදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ සඳහාවන ලිපිය රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මේවන විටත් භාරදී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම, රෝහලේ අධ්‍යක්ෂවරයා මේවන විටත් රාජකාරි…