News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

අද මැයි (13) වැනිදා, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ…

වෙසක් ‍කලාප හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප කිහිපයක් කොළඹ ආශ්‍රිතව සංවිධානය කර ඇති බැවින් අද සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා. බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය මෙලෙස අද සිට ඇරඹීමට…

වෙසක් පුන් පොහොය දිනය අදයි

සිදුහත් කුමරාගේ උත්පත්තිය, බුද්ධත්වය සහ   බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන…

ඉන්දු – පාකිස්ථාන සටන් විරාම​ය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දින​යේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගනවා. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට…

යුක්රේනය සමඟ ඍජු සාකච්ඡාවකට පුටින්ගේ කැමැත්ත

යුද්ධය සම්බන්ධයෙන් ඍජු සාකච්ඡාවක් පැවත්වීම සදහා රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මෙම ඍජු සාකච්ඡාව කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව පැවැත්විය යුතු බවයි රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටින බවත් ගැටුමේ මූල…

ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින යෙදෙන හෙට (12) දිනයෙන් අවසන්වීමට නියමිතයි. ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින ශ්‍රීපාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට…

අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරේ

වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත්  රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා. පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු…

ගැරඬිඇල්ල බස් රථ අනතුරින් මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමට තීරණයක්

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා…

ගැරඬිඇල්ලේ අනතුර පිළිබඳව ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී  සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් තමන් මහත් කම්පනයට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළයාම රජයේ දැඩි…

ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය පිරිස 21 දක්වා ඉහළට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා. බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30 කට අධික පිරිසක් තුවාල ලබා මේ වන විට කොත්මලේ…