News Editor

News Editor

මධ්‍යම කඳුකරයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

මධ්‍යම කඳුකරයේ හැටන් අවට ප්‍රදේශවලට මද වැසි සමඟ විටින් විට දැඩි මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. එම ප්‍රදේශවල මාර්ග ලිස්සන සුළු වීම සහ මීදුම නිසා මාර්ග නොපෙනී යන තත්ත්වයන් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන්, මෙම ප්‍රදේශවල මාර්ගවල රිය ධාවනය…

විදෙස් දුම්වැටි තොගයක් සමග තරුණයෙක් කටුනායකදී කොටුවෙයි

රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටට ගෙනයමින් සිටි ලාංකික ගුවන් මගියෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්. ඔහු මහනුවර, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි අයෙක්…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබූ බව අප ආධිකරණ වාර්තාකරු සඳහන් කරනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින්.

අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අසරණයි

යල කන්නයේ නෙළාගත් අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ඌව පළාතේ ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ ආනයනික අර්තාපල් අඩු මිලට වෙළෙඳපොළේ පැවතීම නිසා වෙළෙඳුන් සිය අස්වනු මිලදී නොගන්නා බවයි. වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල යල කන්නයේ අර්තාපල්…

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ වයඹදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙනවා. එහි කම්පන කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉස්තාන්බුල් නගරයට පවා දැනී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම භූමිකම්පාව බලිකෙසිර් පළාතේ, සින්දිර්ගි නගරය අසලින් කේන්ද්‍රගත වී ඇති අතර භූමිකම්පාව ඇති වූයේ මතුපිට…

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විපක්ෂයේ විශ්වාසභංගය කතානායකට භාරදීම හෙට දක්වා කල් යයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහි සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කරන ඒකාබද්ධ විශ්වාසභංග යෝජනාව භාරදීම හෙට දක්වා කල් දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ හෙට දහවල් මෙම යෝජනාව…

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට තවත් තිදෙනෙකු අත්අඩංගුවට

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් තිදෙනෙකි.…

A 9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

A 9 මාර්ගයේ ආසපුල්ලේ ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රී 7ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පස් දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ යතුරුපැදියක්,  ටිපර් රථයක්, ලොරි රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙනි. මහනුවර යාපනය A 9 මාර්ගයේ ආසපුල්ල ප්‍රදේශයේ මාර්ගය…

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

පිරිසුදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, අද පෙරවරු 10:00 සිට පස්වරු 8:00 දක්වා වූ පැය 10ක කාලයක්…

මෙරට ධනවත්ම පුද්ගලයා බවට ඉෂාර නානායක්කාර පත්වෙයි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත් වී ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ අනුව, ඔහු ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියන අතර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ…