News Editor

News Editor

”වත්මන් පාලනය එළවා නව පාලනයක් ගෙන ආ යුතුයි” – විමල් වීරවංශ

ජනතාව ගැන නොසිතන වත්මන් පාලනය එළවා දමා නිවැරදි පාලනයක් ගෙන ආ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කරන “රටවැසි විපක්ෂය – එක්වෙමු පෙරට යමු“ ජන සංවාද මාලාවේ අවිස්සාවේල්ල ජනහමුව පහත්ගම ප්‍රදේශයේදී ඊයේ පැවැති…

ඔක්තෝම්බරයේ සංචාරක ආදායම පහළට

වාර්තාගත අයුරින් සංචාරකයින් පැමිණියද, 2025 ඔක්තෝබර් මාසයේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම අපේක්ෂාවන්ට වඩා බෙහෙවින් අඩු වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත අනුව, ඔක්තෝබර් මාසයේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 186.1ක් වූ…

වාහන තුනක් එකිනෙක ගැටෙයි‍

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ. බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී…

ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් මරණ දෙකක් – තවත් අයෙක් අතුරුදන්

ප්‍රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම මරණ ඊයේ (16) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ හලාවත මුහුදු තීරයේ සිටි කාන්තාවක් හා වයස අවුරුදු 8ක දරුවෙකු රළ…

අජිත් රාජපක්ෂ අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වූ අජිත් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු…

වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 2026 මුදල් වර්ෂය‍ට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට…

දිල්ලියේ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය සතියේ දිල්ලියේ දී පුද්ගලයින් අට දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකුට තුවාල සිදු කළ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය බලධාරීන් පවසා තිබේ. ඉන්දීය රජය “ත්‍රස්තවාදී සිදුවීමක්” ලෙස හඳුන්වන මෙම ප්‍රහාරයට භාවිතා කළ…

යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් 7979කට නිල උස­ස්වීම්

යුද්ධ හමුදා 76 වැනි සැම­රු­මට සම­ගා­මීව ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් සහ නිල­ධා­රි­නි­යන් 7979 දෙන­කුට මේ මස 10 දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි නිල උසස් කිරීම් පිරි­නමා ඇත. ඒ අනුව බල­ලත් නිල­ධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් 140…

හිටපු ජනපති රනිල්ට උපදේශකවරු 39යි

හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය දැරූ මාස 22ක කාලයේ ඔහු උප­දේ­ශ­ක­වරු 39 දෙනෙක්, සම්බ­න්ධී­ක­රණ ලේක­ම්වරු 23ක් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩ­ලය 1199ක් සිටි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙරේදා (15) ප්‍රකාශ…

කොටහේන වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධව කාන්තාවක් අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේදී පසුගිය දා පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ, වයස අවුරුදු 32 ක් වූ ආදුරුප්පු වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී…