News Editor

News Editor

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී තිබේ. පොලීසිය සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක…

බුලත් මිල ඉහළට

දේශීය වෙළඳපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන බව වෙළඳසැල් හිමිකරුවන් පවසනවා.  මේ හේතුවෙන් සිය වෙළඳාම් කටයුතු අඩාල වි ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් වෙළඳසැල්වල හිමිකරුවන් පවසන්නේ.   පීදුණු බුලත් කොළයක් රු.10කට, රැහැන් බුලත් කොළයක් රු.8කට සහ කුඩා බුලත්…

උතුරු මුහුදේ දී කේරළ ගංජා කිලෝ 38ක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 15කට අධික වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 38යි ග්‍රෑම් 700ක පමණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (12) යාපනය, එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව නිවේදනය කළේ, උතුරු නාවික…

ආයුධයකින් පහරකෑ අයෙක් ජීවිතක්ෂයට

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකර ඇතැයි කඹුරුපිටිය පොලිසිය පවසනවා.  ඊයේ (12) රාත්‍රියේ වූ සිද්ධිය කඹුරුපිටිය, මාහේන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.   ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 40ක යහලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  තුවාලකරු වයස අවුරුදු 42ක…

රාගම – බටුවත්තේ ඝාතනයට සැකකරුවෙකු අත්අඩංගුවට

රාගම – බටුවත්ත ප්‍රදේශයේදී පසුගිය දා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මොහු 30 හැවිරිදි රාගම, බටුවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.  ඊයේ දහවල් කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනූව සිදු කළ වැටලීමකදීයි මොහු…

රක්ෂිත ගිනි තැබීම් ගැන ආපදා කලමණාකරන මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්

ප්‍රදේශ රැසකට බලපෑ ඇති වියලි කාලගුණයත් සමග රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. රක්ෂිත ගිනි තැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන්නේ නම් 117 යන අංකය අමතා තොරතුරු ලබාදිය…

කැබිතිගොල්ලෑවේ උප පොලිස් පරීක්ෂක ඝාතනයට නීතිපති උපදෙස් පතයි

කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් පහරදී උප පොලිස් පරික්ෂකවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන වල උදෘත නීතිපතිවරයා වෙත යවන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ…

ගණේමුල්ලේ නිවසකට වෙඩිතැබීමක්

ගණේමුල්ල – අමුණුගොඩ පැරකුම් මාවතේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය සදහන් කළේ, යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි. පෙරේදා (11) රාත්‍රි කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. නිවැසියන් විසින් අද දින…

මීරිගම – පස්යාල මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

මීරිගම – පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ, බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අද (13) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් යතුරු පැදියේ ගමන් පුද්ගලයින් දෙදෙනා වතුපිටිවල රෝහලට…

ඉන්දියාවට ඇමරිකානු තීරුබදු සහන?

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉන්දියාව සූදානම්ව ඇති බව වාර්තා වෙනවා. මේ අනුව, ඉන්දියාවට පනවා ඇති තීරුබදු 20% ට වඩා අඩු මට්ටමකට අඩු කිරීමට ඉඩ ඇති අතර, ගෝලීය වශයෙන් නව, වඩා ආක්‍රමණශීලී තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක…