News Editor

News Editor

හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා. ඒ කොළඹ මහාධිකරණ…

අදූරදර්ශී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් සිසු පරපුර විනාශ වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සිදු කරන ප්‍රතිසංස්කරණ යෝජනා නිසා මෙරට දරුවන්ගේ අනාගතය විනාශ වන බවත්, ඒවා අදූරදර්ශී සහ ජනතාවගේ අපේක්ෂාවන්ට ව්‍යතිරේක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ “ගමින් ගමට, නගරයෙන් නගරයට – දොරෙන් දොරට”…

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීමට ටෙන්ඩර් කොන්දේසි අලුත් වෙයි

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කළ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. එසේම අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම…

බිත්තර තොග මිල පහළට

බිත්තර තොග මිල අද (21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සදහන් කරයි. ඒ අනුව රතු බිත්තරයක මිල රු. 29ක් සහ සුදු බිත්තරයක මිල රු. 27 ක් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කර සිටී.

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් ශෝක නිවේදනයක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා සමස්ත ජීවිතයම කැප කළ, නිහතමානී ගුණයෙන් අනූන, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා අතිශය දුර්ලභ…

පාර්ලි‍මේන්තුව හෙට සිට 25 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (22) සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, හෙට දිනයේ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016…

UPDATE: වියානා ඇළට වැටුණු තරුණියගේ මළ සිරුර සොයාග‍ැනේ

මහියංගණය, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් වන අතර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය රජරට විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම…

මුම්බායි ගුවන් තොටුපළේදී Air India ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට යයි

අද (21) උදෑසන තද වැසි මධ්‍යයේ මුම්බායි ගුවන් තොටුපළට ගොඩබෑමේදී එයාර් ඉන්දියා ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අදාළ ගුවන් යානය ප්‍රධාන ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති අතර, ගුවන් යානයට සුළු හානි සිදුව ඇති…

විදුලි සේවකයින් හෙට දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

හෙට (22) දිනයේදී විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවයි ලංකා විදුලිබල මණ්ඩල…

ධම්මදස්සි නා හිමි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ලබන 24 වැනිදා මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිත ය. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි අතර අද (21) අලුයම…