News Editor

News Editor

පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (05) දිනයේ ද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි…

ට්‍රම්ප්ගේ යුද්ධ කිරීමේ බලය සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් සෙනෙට් මණ්ඩලයේදී පරාජයට පත් වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද්ධ කිරීමේ බලය සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ ද්විපාර්ශ්වික යෝජනාවක් එරට සෙනෙට් මණ්ඩලයේදී පරාජයට පත්ව තිබෙනවා. ඉරානයේ යුද ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා ගෙන ආ මෙම යෝජනාව ඡන්ද 53 –…

මතුගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

මතුගම ප්‍රදේශයේ දී නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා. කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, නිවසට පමණක් හානි සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා

අද කාලගුණ නිවේදනය

ඌව සහ සබරගමුව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව…

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ. මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ. ඒ…

ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක…

තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ගෝලීය වශයෙන් උත්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා විදේශීය සංචාරකයන් පිළිබඳ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා. ඒ අනුව, සමස්ත රටේ පොලිස් ස්ථාන 608…

තරුණයෙකු විසින් තරුණියක් ගෙල කපා ඝාතනය කරයි

කහතුඩුව ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියකදී එහි සේවකයෙකු විසින් සේවිකාවකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, බුලත්සිංහල ගෝවින්න නාරාගල වෙදගෙ වත්ත පදිංචිව සිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ 25 හැවිරිදි අවිවාහක තරුණියක්. ඝාතනය…

ධීවර බලපත්‍ර ලබාගැනීමට ‘එක්දින සේවාවක්’ ඇරඹීමට පියවර

ධීවර ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් ලබා දීමේ අරමුණින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය (MSDFAR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් දත්ත පද්ධතිය (DRP) ඒකාබද්ධ කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (03) දින පුද්ගලයින් ලියාපදිංචි…