News Editor

News Editor

UPDATE: දෙවැනි ඉරාන යාත්‍රාවේ සිටි පිරිස කොළඹ වරායට රැගෙන එයි

දෙවන ඉරාන නෞකාව වන IRIS Bushehr නෞකාවේ සිටි පුද්ගලයන් 204 ක් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් පවසනවා. ඒ අනුව, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බවයි ඔහු…

අද කාලගුණ නිවේදනය

දකුණු පළාතේත්, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

කෙහෙල්බද්දර පද්මේට සහාය දැක්වු එස්.අයි යළිත් රිමාන්ඩ්

කෙහෙල්බද්දර පද්මේ විසින් සිදු කරන ලද සංවිධානාත්මක අපරාධ ජාලයට සහාය දැක්වුවැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගම්පහ විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරික්ෂකවරයෙකු වු බෙන්තට කම්කම්ලාගේ නිරෝෂන් උදිත උදේශාන් නමැත්තා මාර්තු 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස…

BYD ATTO 1 රථ 835ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto සමාගම, BYD ATTO 1 මාදිලියේ රථ 835ක් මෙරටට ගෙන්වා ඇති බව පවසනවා. මෙය එම වාහන මාදිලිය මෙරටට හඳුන්වා දීමෙන් පසු ගෙන්වන ලද විශාලතම තනි වාහන තොගය වන අතර,…

හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු  නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කළ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය. කෙසේ වෙතත්…

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙත්සමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින්…

නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා

නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි එක් කොටසක් මේ වන විට අඩු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, “නොරොච්චෝලය…

ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින ලෙසට ධීවරයින්ට උපදෙස්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙරට සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති…

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ASP රොහාන් ඕලුගල වැඩ භාරගනී

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවක් ලැබූ සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල සිය තනතුරේ වැඩ භාරගෙන තිබෙනවා.

පණිවිඩවල රහස්‍යභාවය සුරකින තාක්ෂණය TikTok ප්‍රතික්ෂේප කරයි

ටික්ටොක් සමාගම සිය තරගකාරී ආයතන බොහෝමයක් භාවිත කරන “අන්තයේ සිට අන්තයට සංකේතනය” (End-to-End Encryption – E2EE) නැමැති මතභේදාත්මක රහස්‍යතා විශේෂාංගය හඳුන්වා නොදීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂාව අඩු වන බවයි. E2EE යනු පණිවිඩයක් යවන්නාට සහ ලබන්නාට පමණක්…