Month April 2026

ඉරණවිලින් ඇල්ලූ විදෙස් ජාතිකයින් 147දෙනා රිමාන්ඩ්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා එළැඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ ඊයේ (03) එම සැකකරුවන් සහ සැකකාරියන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. හලාවත ඉරණවිල…

මැදපෙරදිග යුද්ධයත් සමඟ න්‍යෂ්ටික බලශක්තිය ගැන යුරෝපය තුළ යළි කතාබහක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින එක්සත් රාජධානියේ මෙන්ම යුරෝපා සංගමයේ ද න්‍යෂ්ටික බලශක්තිය ගැන නැවත අවධානය යොමුවී ඇති බව BBC ලෝක පුවත් සේවය අද (04)වාර්තා කළා. නමුත් න්‍යෂ්ටික විසඳුමක් කෙතරම් ඉක්මනින් කළ හැකිද සහ එය සැබවින්ම කෙතරම්…

ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්: අටක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූමිකම්පාවකින් පසු කාබුල් අගනුවර නිවසක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු මියගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ, රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් මෙම…

අධික උණුසුමෙන් දරුවන්ගේ සහ යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික මට්ටමටත් බලපෑම්

අධික උණුසුම් සහිත කාලගුණයත් සමග දරුවන්ගේ සහ යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික මට්ටමට බලපෑම් එල්ල විය හැකි බවට සෞඛ්‍ය අංශ පවසනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධික කෝපය, තෙහෙට්ටුව සහ අවධානය යොමු කිරීමේ අපහසුතා ද ඇති විය හැකියි. මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා…

උත්සව සමයේදී ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් වංචා ඉහළට

උත්සව සමයේදී ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් වංචා ඉහළ යාමක් දක්නට ලැබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඒ අනුව, එළැඹෙන සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්දත් සමග වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලබාදෙන බව දැක්වෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ…

ධර්මපුරම් අනතුරින් තරුණයින් දෙදෙනෙක් මරුට

යතුරුපැදියක් සහ ලෝඩර් රථයක් එකිනෙක ගැටී ඊයේ (03) සිදුවූ අනතුරකින් කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19ක් වූ තරුණයින් දෙදෙනෙක්. මුලතිව් දෙස සිට ධර්මපුරම් දෙසට ගමන්කළ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන් කරමින්…

1990 ගිලන්රථ සේවයට නව කාර්යාලයක්

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය. නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ…

අද සවස 1න් පසු ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) පස්වරු 1න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ ඒ බව සඳහන් ය. මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම්…

දියේ ගිලී 16 හැවිරිදි සිසුවෙකු මරුට

කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පේරාතුවේලි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි රිස්ලාන් නමැති දරුවෙකි. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවද වාර්තා වේ. ඔහු තම මිතුරන්…

විශේෂඥ වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නැහැ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (04) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහාය පළ නොකරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය R ඥානසේකරම් මහතා සඳහන් කර සිටියේ ඔවුන් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදු…