Month April 2026

මත්ද්‍රව්‍ය සහ ව්‍යාජ නෝට්ටු සමග සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට

රත්මලාන හා ඉඹුල්ගොඩ ප්‍රදේශවලදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 02ක් හා ව්‍යාජ රුපියල් 2000 මුදල් නෝට්ටු 21ක් ද සොයා ගත් බව පොලීසිය පැවසීය. ගල්කිස්ස කොට්ඨාස…

ට්‍රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කර තිබේ. ඒ අනුව සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල…

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක ප්‍රමාණයක්…

මුදල් වංචාකළ අයෙක් බැලුම්මහරේ දී කොටුවෙයි

ව්‍යාජ හැඳුනුම්පතක් හා ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) රාත්‍රී, යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) ප. ව. 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක්…

රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී…

සටන් විරාමය මැද ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර

ලෙබනනයේ ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර අඛන්ඩව ප්‍රහාර හුවමාරු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඔවුන් ඉලක්ක කරගනිමින් දකුණු ලෙබනනයේ ප්‍රදේශ තුනකට ප්‍රහාර එල්ල කළ…

දර ප්‍රවාහනයකළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්

වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තට පෙරලී තිබේ. අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඒම තුවාලකරුවන්ගේ තත්වය…

2026දී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පුරෝකථනය කර තිබේ. මැද පෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික අර්බුද සහ ගෝලීය තෙල් වෙළඳපොළේ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි කාලයේ තෙල් මිල ඉහළ…

උතුරු ජපානයේ ලැව්ගිනි දරුණු අතට

උතුරු ජපානය ලැව්ගිනි අඛණ්ඩව පැතිර යන කලාපයක් වන අතර ඒ ආකාරයෙන් පැතිර ගිය ලැව් ගින්නක්, මේ වන විට ජනතාව ජීවත් වන ප්‍රදේශයන් වෙත පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ හේතුවෙන් එම කලාපයේ ජීවත් වන 3000කට වැඩි…