Month March 2026

නොරොච්චෝලයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බවට විපක්ෂයෙන් චෝදනා

නොරොච්චෝලය බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි එක් කොටසක් මේ වන විට අඩු ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, “නොරොච්චෝලය…

ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින ලෙසට ධීවරයින්ට උපදෙස්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙරට සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදුකරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදු සීමාවන් තුළ පවතින අවදානම් සහගත තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති…

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ASP රොහාන් ඕලුගල වැඩ භාරගනී

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරුවක් ලැබූ සහකාර පොලිස් අධිකාරී (ASP) රොහාන් ඕලුගල සිය තනතුරේ වැඩ භාරගෙන තිබෙනවා.

පණිවිඩවල රහස්‍යභාවය සුරකින තාක්ෂණය TikTok ප්‍රතික්ෂේප කරයි

ටික්ටොක් සමාගම සිය තරගකාරී ආයතන බොහෝමයක් භාවිත කරන “අන්තයේ සිට අන්තයට සංකේතනය” (End-to-End Encryption – E2EE) නැමැති මතභේදාත්මක රහස්‍යතා විශේෂාංගය හඳුන්වා නොදීමට තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙමගින් පරිශීලකයන්ගේ ආරක්ෂාව අඩු වන බවයි. E2EE යනු පණිවිඩයක් යවන්නාට සහ ලබන්නාට පමණක්…

නේපාල මහ මැතිවරණය ඇරඹේ

නේපාලයේ පසුගිය වසරේ සිදු වූ තරුණ අරගලයෙන් පසු පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මහ මැතිවරණය සඳහා හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්, නේපාල කොන්ග්‍රස් පක්ෂයේ නායක ගගන් කුමාර්, එරට හිටපු දේශපාලනඥයෙකු මෙන්ම රැප් ගායකයෙකු…

ඩුබායි හි සිරවූ මගීන් මුදාගන්න ගුවන් සමාගම් 23ක් පෙළගැසෙයි

ඩුබායි හි මගීන් මුදාගැනීම වෙනුවෙන් ගුවන් සමාගම් 23 ක් කඩිනම් ගමන් වාර 114 ක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙළගැසී සිටින බව වාර්තා වේ. එහිදී ඩුබායි කේන්ද්‍ර කරගත් එමිරේට්ස් සහ ෆ්ලයි ඩුබායි ප්‍රමුඛව කටයුතු කරන බවත්, පිටවීමේ අපේක්ෂාවෙන් සිටින මගීන් ප්‍රමාණය 30…

පස්වරු 2න් පසුව ස්ථාන කිහිපයකට වැසි 

ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්…

රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ගත් ව්‍යාපාරිකයා අත්අඩංගුවට 

රුපියල් ලක්ෂ 50ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාවකට අදාළව ව්‍යාපාරිකයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුවෙකු වෙත ඇප ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදීම සඳහාත් ඔහුගේ…

පොලිස් නිලධාරීන්ට පහරදී නිලඇඳුම ඉරා දැමූ ලොරි රියදුරා අත්අඩංගුවට

අනතුරුදායක ලෙස ලොරි රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදී නිලඇඳුම ඉරා දැමූ බව කියන ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු…

මොරටු මුල්ලේ “සුරා”ගේ මළ සිරුර ත්‍රීවීලරයකින් හමුවෙයි

මොරටුව බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත මොරටුමුල්ලේ පදිංචි අයකුගේ මළ සිරුරක් මොරටුව පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (03) රාත්‍රී 7.30ට පමණ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස්…