Month March 2026

ආර්ථික ආවේක්ෂණ කමිටුව රැස්වෙයි

බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු…

රාජකාරි පැහැර හරින විදුලි සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දීමක්

මේ දක්වා තමන් සිදුකළ රාජකාරී ඒ ආකාරයෙන්ම ඉටු කරමින් විදුලිබල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසට නව සමාගම් දෙකක් විසින් විදුලි සේවකයින්ට දැනුම්දී තිබේ. ඒ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිම්ටඩ් සහ නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිම්ටඩ් යන…

ජනතාවට දුන් සහන කිසිවක් කප්පාදු කරන්නේ නෑ

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අනාගතයේ මෙරට ඇතිවිය හැකි තත්ත්වයට මුහුණදීමට සූදානම් නමුත් ජනතාවට දී ඇති සහන හෝ රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කිරීමක් කිසිසේත් සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා…

විදුලි වෘත්තීය සමිති ඉල්ලීම් 64 න් 62 කට විදුලි සමාගම් 4 ක අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල සමඟ වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව, අදාළ ඉල්ලීම් 64 න් ඉල්ලීම් 62 ක් ලබා දීමට එම අධ්‍යක්ෂ මණ්ඩල එකඟ වී තිබෙනවා. ඒ අනුව, එම සමාගම් 4 හි සභාපතිවරුන්ගේ අත්සනින් යුක්තව…

අද කාලගුණ නිවේදනය

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල…

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම අපේ අපේක්ෂාවයි – ජනපති

ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට…

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. * කිලෝ ග්‍රෑම් 12.5 – රු.300 කින් (නව මිල රු.3,990) * කිලෝ ග්‍රෑම්…

අනවශ්‍ය ගමන් බිමන් එපා – ඉන්ධන පරිභෝජනය අවම කරන්න

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණදීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට හැකි…

උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත්කළ එම නිවේදනය හෙට (11) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති…

ආර්ථික ආවේක්ෂණ කමිටුවක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය

ආර්ථික නිරීක්ෂණ කමිටුවක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ…