ලකුණු බිංදුවට කඩුලු 07 ක් දවා ගනිමින් නව T 20 වාර්තාවක්

ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ලකුණු බිංදුවට කඩුලු 7ක් දවාගනිමින් ලෝක වාර්තාවක් තැබීමට 17 හැවිරිදි රෝමාලියා නම් ඉන්දුනීසියාවේ ක්‍රීඩිකාවක් සමත්ව ඇත.

ඇය එම ලෝක වාර්තාව තබා ඇත්තේ බාලි හි මොන්ගොලියාවට එරෙහිව පැවති කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදීය.

එම තරඟයේදී පන්දුවාර 3.2ක් යැවූ ඇය කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 7ක් දවා ගන්නට සමත්ව තිබේ.

ඉන්දුනීසියානු ක්‍රීඩිකා රෝමාලියාගේ මංගල 20යි 20 තරඟය වන්නේද මෙම තරඟයවීම තවත් සුවිශේෂීවේ.