අස්වැසුම දෙසැම්බර් වාරිකය බැංකුවලට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පසුගිය ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ එම ප්‍රතිලාභී පවුල් වෙත ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 51,967 ක් බවයි සඳහන් වන්නේ.

අන්ත දිළිඳු පවුල් 303,199 ක්, දිළිඳු පවුල් 606,496 ක්, අවදානමට ලක් වු පවුල් 290,624 ක් හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වනවිට සිදු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *