Headlines

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි . රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 152කු මීට එක්ව…

Read More

ගාල්ල සහ මාතර පාසල් හෙට යළි විවෘත වෙයි

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින දෙකක් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණා.

Read More

මානව සම්පත සහ භූගෝලීය පිහිටීම උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාව සීග්‍ර ආර්ථික වර්ධනයකට ගෙන යනවා

ජනපති ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර ශාඛාව විවෘත කරමින් පවසයි. ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය. සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල් එම දියුණුව උදාකරගෙන…

Read More

මෙම වසරේ පළමු මාස 08 තුළ ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් රුපියල් බිලියන 22ක ලාභයක් ලබා තිබෙනවා

පලාලි අන්තර් ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක යි – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක්…

Read More

ඩිෆෙන්ඩර් රථ අනතුරකින් STF නිලධාරින් දෙදෙනෙක් මරුට

වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ. පොලිස් විශේෂ කාර්ය බළකා ඩිෆෙන්ඩර් රථය මාර්ගයේ රැඳී සිටි කිරි ගවයෙකුගේ ගැටී රියදුරුට පාලනය කර ගත…

Read More

ICC CWC 2023 : ශ්‍රී ලංකා පාකිස්ථාන ‍තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය හයිද්‍රාබාද් හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

Read More

ICC CWC 2023 : එංගලන්ත බංග්ලාදේශ තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හත්වන තරගය අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය ධර්මශාලා හිදී අද පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතයි.

Read More

ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කෙරේ

මෙරට පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇනඩ් යන්ග් (Ernst & Young) ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු සහ හිටපු උපදේශකවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත් කර සිටියි….

Read More

ගාසා තීරයට ආහාර, ඉන්ධන, විදුලිය සැපයී​ම ඊශ්‍රායලය සම්පූර්ණයෙන් අවහිර කරයි

ඊශ්‍රායලය විසින් හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට එරෙහි ක්‍රියාමාර්ග දැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගාසා තීරයට සපයන ආහාර, ඉන්ධන, විදුලිය සහ සෞඛ්‍ය සේවා සම්පූර්ණයෙන් නවතා දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර තිබෙනවා. මේ වන විටත් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දරුණු ලෙස ගැටුම් ඇතිවෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත්…

Read More

වාහන හැර අනෙකුත් සියළු ආනයන සීමා ඉවත් කිරීමට තීරණයක්

ආනයන සීමා පනවා තිබු වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ. ආනයන සීමා පනවා තිබූ HS කේත 250ක භාණ්ඩ සඳහා මෙම සීමා ඉවත් කිරීම සිදු කිරීමට නියමිත අතර ආර්ථිකය තවත් පුළුල් කිරීම…

Read More