ලෝක අර්බුද මධ්‍යයේ වුවත් රසායනික පොහොරවල මිල වැඩි කරන්නේ නැහැ

මේ වනවිට ලෝකය තුළ උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් රසායනික පොහොර ඇතුළු ආනයනික බොහෝ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින නමුත්, ගොවි ජනතාවට ලබාදෙන රසායනික පොහොරවල මිල ඉහළ නොදැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අනුරාධපුර අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම ඥානරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව…

Read More

කිරුලපන වෙඩි තැබීමක්

කිරුලපන මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (17) රාත්‍රී කාලයේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්…

Read More

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් අලෙවි කිරීම වහාම නියාමනය කිරීමට ඇමතිගෙන් උපදෙස්

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා . අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ නොරොච්චෝලේ හා කල්පිටියේ ගොවි සංවිධානවල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දීයි එකම පලිබෝධ නාශකය විවිධ නම් යොදා ගනිමින් වැඩි මිලකට අලෙවි කිරීම…

Read More

පේරාදෙණි​ය සරසවියේ විරෝධතාවකට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පැවැත්වූ විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. සමාජ මාධ්‍ය වාරණ පනත සහ වෛද්‍ය උපාධි මුදලට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.

Read More

ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල හෙට (19) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්, මුංඇට කිලෝවක මිල රුපියල් 20 කින්, හාල්මැස්සො කිලෝවක් රුපියල් 10 කින්, කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් සහ ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල්…

Read More

ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ලබාදීම කල් තබයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. එහි තීන්දුව අද (18) අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල…

Read More

විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා. එසේම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම , රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර…

Read More

ඇස් රෝග පැතිරයාමේ අවදාන​ම තවදුරටත්

පාසල් ළමුන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝග පැතිරයාමේ අවදාන​ම තවදුරටත් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඒ අනුව රෝගය වැ​ළඳුන දරුවන් පෙර පාසැල් සහ පාසැල් වෙත යොමු නොකිරීම මඟින් මෙම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන බවයි ඔහු සඳහන් කළේ. මෙහි රෝග ලක්ෂණ ලෙ​ස ඇස් රතුවීම, ඇස් බොඳවීම, කඳුළු ගැලීම, උණ…

Read More

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනතා අදහස් ලබා ගැනීම අද

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ජනතාවගේ අදහස් සහ යෝජනා වාචිකව ලබාගැනීම අද (18) සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට එ​ය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. ජනතාවට විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලිඛිතවද එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අද දිනයේ…

Read More

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 500 ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයින් 500 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියගිය පිරිස අතර කාන්තාවන්, ළමුන් ඇතුළු වෛද්‍යවරුන්ද සිටින අතර තවත් පිරිසක්ද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ. මෙම ප්‍රහාරය පාර්ශව රැසකගේ දැඩි විවේචනයට පත්ව තිබෙන අතර ඔවුන් සඳහන් කරන්නේ මෙය වචනයෙන් කිව නොහැකි තරම් බිහිසුණු අපරාධයක් බවත්, එය යුද…

Read More