පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (17) උදෑසන 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වැඩසටහනේ එල්ල කර ඇති චෝදනා විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන්…

Read More

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය සහ තවත් මාර්ග කිහිපයක එලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

කාසල් රෝහ​ලේ සය නිවුන් දරු උපතක්

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහි කර ඇති බවයි සඳහන් වන්නේ. බිළිදුන් හයදෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Read More

ICC CWC 2023 : ශ්‍රී ලංකාව 9 වන ස්ථානය දක්වා පහතට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (16) දිනය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ වන විට සහභාගී වු තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටින අතර, නවසීලන්ත කණ්ඩායමද සහභාගී වූ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා…

Read More

අද කාලගුණ නිවේදනය

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී….

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයේ

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩව ක්‍රියා කළ මධ්‍යම පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇගයීමේ උළෙලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය තානායම පරිශ්‍රයේදී (8) පැවැත්විය. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාව සංවිධානය කර තිබුණු මෙම උපහාර උත්සවයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 150 ක පිරිසක් සම්මානයෙන් පිදුම් ලද…

Read More

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා. ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ බිරිඳ ඝාතනය කරයි

සුප්‍රසිද්ධ ඉරාන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ Dariush Mehrjui සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ටෙහෙරානය ආසන්නයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී එම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ දී ඇය සිය පියාගේ සහ මවගේ මළ සිරුරු දැක ඇති අතර මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. කෙසේවෙතත්…

Read More

ඔලිම්පික් සඳහා ක්‍රිකට්

2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබෙනවා. අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව පළමුවරට ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම 2028 වසරේදී සිදුවනු ඇති. ඔලිම්පික් ක්‍රීඩා…

Read More

වසරේ ගත වූ කාලය තුළ ඉන්දීය ධීවරයින් 137 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මෙම වසරේ ගත වූ කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 22 ක්‍ සමග ඉන්දීය ධීවරයින් 137 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පසුගිය 14 වනදාද මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ නිරත වූ ඉන්දීය ධීවරයින් යාත්‍රා 5ක් සමග ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි…

Read More