Category Uncategorized

ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

අද (19) පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව…

පූජිතට-හේමසිරිට එරෙහි නඩුව ජූනි 30දා විභාගයට

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබුණු අපරාධ නඩුව ලබන ජූනි 30දා විභාගයට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (15දා) නියෝග කළේය.…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා…

කොටහේන දැරියක් මියයාමේ සිද්ධියට එරෙහිව කොල්ලුපිටියේ විරෝධතාවයක්

විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් පැන දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවි​ය ඉගෙනගත් විදුහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති…

පාඨලී විසින් ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරයි

තමා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. 2016 වසරේ රාජගිරිය…

සබරගමුව සිසුන්ට නවක වදය ලබාදීම ගැන පරීක්ෂණ CID යට භාරදෙයි

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධව පසුගිය 29 වැනිදා සමනල වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව…

මීටියාගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුළ ඊයේ (03) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. යතුරුපැදියකින් පැමිණි…

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර හෙවත් ‘ලොකු පැටී’ නැමැත්තා බෙලරුස් රාජ්‍යයේ සිට හෙට (04) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස මොහු සැක කරන බවයි පැවසෙන්නේ. සුජීව රුවන් කුමාර පසුගිය වසරේදී බෙලරුස්…

පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද තොරතුරක් මත මෙම පරික්ෂා කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ. අද (03)…

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

නවක වදයට මුහුණ දෙන සිසුන් හට ඒ පිළිබඳව දැනුම්දීම සඳහා සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එක් එක් විශ්ව විද්‍යාලවල පාලක සභාවට අනුයුක්තව එම නිලධාරියා පත්කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය…