Category Politics

අදානිගේ සුළං විදුලි ව්‍යාපෘතිය නවත්වනවා නම් හේතු දැනගත යුතුයි- හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නතර කරනවා නම් එයට හේතු මොනවාදැ’යි දැනගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ව්‍යාපෘතිය සඳහා මුදල් ගත්තා යැයි චෝදනා කරනවා නම් මුදල් දුන්නේ අදානි දැයි විමසූ රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දියාවේ අගමැති මෝදි මහතා…

ට්‍රම්ප් ලංකාවට 44% ආනයන බද්දක් දමයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබේ. අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව…

එක්සත් රාජධානියේ සම්බාධක ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනෙකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අමාත්‍ය  කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙයි. මේ සඳහා සාමාජිකයින් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකුයි  පත්  කර ඇත. මෙහි සාමාජිකයින් ලෙස විදේශ…

ඡන්ද වැඩ අද තෙක් නවත්වන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් සහ පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක් මඟින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මේ වන විට අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් ගොනු කර ඇති කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සඳහා…

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කෝප් කමිටුව දෙහි කපයි

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය නොකර රුපියල් බිලියන දෙකක පමණ මුදලක් වැය කරමින්, කුලි පදනමට වෙනත් ගොඩනැඟිල්ලක තවදුරත් රැඳී සිටීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් (කෝප්) කමිටුව එම ආයතනයට සිය අප්‍රසාදය පළකර ඇත. අධිකාරියට යාබදව ඉදිකිරීම්…

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමතිට සහ පෞද්ගලික ලේකම්ට බරපතල වැඩ සහිත වසර 16ක සිර දඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු වූ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16ක්…

රටේ අනාගතය පෙන්වන පාර තිබෙන්නේ අපි ළඟ-දෙයියන්දර ජනරැලිය අමතමින් ජනපති කියයි

කෙටි කාලයකදී රට විශාල පරිවර්තනයකට ගෙනවිත් තිබෙනවා  ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ප්‍රතිලාභ ජනතාවට ගලා ආ යුතුයි    වැඩියෙන්ම කෑගහන්නේ ගොඩක්ම බය වුණු අයයි     ඩොලර් උපයමින් 2028 ණය ගෙවිය හැකි ආර්ථිකයක් අපි හදනවා    රටට අනාගතය පෙන්වන පාර තිබෙනුයේ ජාතික…

රට බලශක්ති අර්බුදයකට යෑම වැළැක්වීමට සෝලා කර්මාන්තය දිරිමත් කළ යුතුයි-හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

අනාගතයේ දී රටේ බලශක්තිය අර්බුදයකට යෑම වැළැක්වීමට සෝලා කර්මාන්තය දිරිමත් කළයුතු බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී ඒ මහතා…

ටිරාන් අලස් CIDයට

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්  අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙයි. ඒ 2023 වසරේ වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩි තැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ගිහින් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මෙරට ලක්ෂ 220 ජනතාවට නම් අවිධිමත් අදක්ෂ අකාර්යක්ෂම නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනයක් රටේ පවතින බවට පෙනෙන්නට ඇති බවත් ජනාධිපතිවරයා සහ ඇමතිවරු ප්‍රමුඛ රජයේ මන්ත්‍රීවරුන්ට අනුව වැඩියෙන් කෑ ගහන තරමට හිරගෙදර යන ලැයිස්තුව නිර්මාණය කරන බවට පවසන බවත් විපක්ෂ නායක සජිත්…