Category Politics

රනිල් වික්‍රමසිංහ බැලීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. මීට අමතරව, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන්…

තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා, ඒකට පොලිස්පතිද, හිටපු ජනාධිපතිද කියලා අදාළ නැහැ – මහජන ආරක්ෂක ඇමති

වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ සඳහා පොලිස්පති ද, නියෝජ්‍ය පොලිස්පති ද, මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් ද, හිටපු ජනාධිපති ද යන්න අදාළ නොවන බවත්,…

රනිල් ඇප මත මුදා හැ​රේ

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී…

රනිල් වෙනුවෙන් නාමල් ස​හ හිටපු මැති ඇමතිවරුන් රැසක් අධිකරණ භූමිය​ට

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා. එවැනි පසුබිමක, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටිනවා. පාර්ලිමේන්තු…

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට එරෙහිව විමල් වීරවංශගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.…

නව ආයෝජන කලාප 07 ක් මේ වසරේදී පිහිටුවීමට සැලසුම්

නව ආයෝජන කලාප 07 ක් මේ වසරේදී පිහිටුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. ඒ අනුව, උතුරු පළාතේ ආයෝජන කලාප තුනක් ද, වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල එක් ආයෝජන කලාපය බැගින් ද පිහිටුවන බවයි එහි සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ.…

හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා. එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෞද්ගලික…

රනිල්ට අද CID වෙත කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…

මහ බැංකුව මුදල් කාරක සභාවට ගෙන්වන්නැයි දයාසිරි ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසා ඇත්නම් එම පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබදව කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර කථානායකවරයාගෙන් ලිපියක් මගින් අද දින ඉල්ලා…

හිටපු ජනාධිපති රනිල්ට හෙට CIDයට කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…